අපිට දොස් කියනවා නම් හැමෝම දළඳා මාළිගාවේ පින්තූර ගන්න එක,ටික් ටොක් කරන එක නවත්වන්න

ජනප්‍රිය රංගන ශිල්පී යුවළක් වන දෙව්නක පෝරගේ හා හෂිනි වෑදණ්ඩ විවාහ ගිවිස ගැනීමේ දී ලබාගත් ඡායාරූප කිහිපයකට විවේචන එල්ල වීම හමුවේ මහනුවර පොලිසිය ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙනවා.

මෙම විවේචනයන්ට හේතු වූයේ ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමේ ඡායාරූප කිහිඋපයක් ඓතිහාසික දළඳා මාළිගාවේ රූ ගත කර තිබීමයි.

දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන ගණනාවක ඡායාරූප වලට පෙනී සිටීමත් එම ඡායාරූප සාමන්‍ය පුද්ගලයෙකුට ලබා ගත නොහැකි බවත් පවසමින් මෙම විවේචන එල්ල වෙමින් තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගාව තුළ මෙවැනි ආකාර සිදුවීමක් සිදුවී තිබෙන බව තමන්ට ද දැන ගන්නට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමක් කළ බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇතැම් චෝදනාවලින් පැවසුණේ එය දියවඩනේ නිලමේවරයාට මුදල් ගෙවීමෙන් ලබාගත් අවස්ථාවක් බවටයි.

මහනුවර පොලීසිය පවසන්නේ, අදාළ යුවළ කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් දෙව්නක පෝරගේ පවසන්නේ මෙය ඉතාම සාමාන්‍ය දෙයක් බවත් සිය විවාහ ගිවිස ගැනීමෙන් පසු සාමන්‍ය පරිදි දළඳා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට ගිය අවස්ථාවේ මෙම ඡායාරූප ලබා ගත් බවයි.

එසේ නම් දළඳා මාළිගාව තුළ සිදු කරන සියලුම ඡායාරූප ගැනීම් සහ ටික්ටොක් වැනි දෑ තහනම් කළ යුතු බව ද ඔහු එම සටහනෙහි සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!