අනුර ජාතිවාදියෙක් නෙවෙයි..සුමන්තිරන් උතුරට තීරණාත්මක සහතිකයක් දෙයි

අනුර කුමාර දිසානයක මහතා ජයග්‍රහණය කලහොත් ඒ වෙනසෙහි කොටස්කරුවන් බවට පත් තමන් හා දමිළ ජනතාව පත්වීම අනිවාර්ය දෙයක් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා උතුරේ දී කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් අනුර දිසානායක ජාතිවාදී හැඟීම් ප්‍රකාශ කිරීමේ අරමුණින් එම ප්‍රකාශය සිදුකළ බව තමා කිසිසේත් නොසිතන බව ද ඔහු කියා සිටියා.

“දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළ ගැසී සිටිය දී ඒ වෙනසට එරෙහි වූවෙක් බවට ඔබ පත් වුණොත් කුමන මනෝ භාවයක් දකුණේ ජනතාව තුළ ස්ථාපිත වේදැයි සිතන්න.ඒ වෙනසට එරෙහි වූවන් ලෙස ඒ වෙනසට විරුද්ධ වූවන් ලෙස හඳුන්වනවාට ඔබ කැමතිද?උතුර හඳුන්වනවාට ඔබ කැමති ද? මා ඔබට නැවත සහතික කරන්නම්. අපි ජයග්‍රහණය කරනවා.ඒ ජයග්‍රහණයේ පංගුකරුවන් බවට ඔබ පත් වෙන්න ඕන.”

අනුර කුමාර දිසානායක මහතා යාපනේ පැවති ජන රැළියක දී සිදු කළ මෙම ප්‍රකාශය උතුරේ ජනතාවට කරනු ලැබූ තර්ජනයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හුවා දැක්වූ අතර සුමන්තිරන් මහතා සඳහන් කළේ දිසානායක සහෝදරයා ජාතිවාදී හැඟීම් ප්‍රකාශ කිරීමේ අරමුණින් එම ප්‍රකාශය කළ බව තමා කිසිවිටක නොසිතන බවත් මේ රටේ ජාතිවාදය තුරන් කිරීමට ඔහු විශාල සැලකිල්ලක් දැක්වූ බව තමා ඉතා හොඳින් දන්නා බවත්ය.

 “මම හිතන්නේ අනුර කුමාර සහෝදරයා මේ වචන කිව්වේ ජාතිවාදී හැඟීම් ප්‍රකාශ කිරීමේ අරමුණින් නෙවෙයි. මමත් ඔහුව හොඳට දන්නවා. ඔහු එහෙම කෙනෙක් නෙවෙයි. ඔහු මේ රටේ ජාතිවාදය තුරන් කරන්න ලොකු සැලකිල්ලක් දැක්වුවා”

 දිසානායක මහතා සමඟ රටේ පවතින දුර්මත හා දූෂණය පිටුදැකීමට එක්වන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...