මිනිස් මොළයට හානි කරන තවත් භයානක වෛරසයක් චීනයේ..

මිනිස් මොළයට හා ස්නායු පද්ධතියට හානි කරන නව වෛරසයක් චීනයෙන් හඳුනාගෙන තිබෙනවා.

මෙම වෛරසය  කිනිතුල්ලන් මඟින් බෝවන රෝගයක් ලෙසයි අනාවරණය වී ඇත්තේ.

Wetland Virus (WELV) ලෙස නම් කරන ලද නව වෛරසය ප්‍රථම වරට අනාවරණය වූයේ 2019 ජුනි මාසයේදී ජින්ෂෝ නගරයේ ප්‍රතිකාර ලැබූ රෝහල් රෝගියෙකු තුළ ය.

WELV අයත් වන්නේ කිනිතුල්ලන් මගින් සම්ප්‍රේෂණය වන වෛරස් සමූහයකට වන අතර එය Crimean-Congo(රක්තපාත උණ වෛරසයට) සමාන වන අතර එය මිනිසුන්ට දරුණු රෝග ඇති කළ හැකි බව මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.

මූලික සොයාගැනීමෙන් පසුව පර්යේෂකයන් විසින් උතුරු චීනයේ ගැඹුරු පරීක්ෂණයක් සිදු කරන ලද අතර ඔවුන් විවිධ ස්ථානවලින් කිනිතුල්ලන් 14,600 කට ආසන්න ප්‍රමාණයක් එකතු කරමින් මෙම පර්යේෂණය සිදුකර ඇති බව වාර්තා වෙනවා.__tpx__

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!