ඇමරිකානු ජනාධිපති සැප ගත් හැටි හෙළි වේ

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ වසර හතරක ධුර කාලයෙන් දින 532ක් සාමාන්‍ය නිවාඩු දින ලෙස ලබාගෙන ඇති බව රිපබ්ලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂණයකදී හෙළි වී ඇතැයි නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබෙනවා.

එය ඇමරිකාවේ සාමාන්‍ය කාර්යාල සේවකයෙකු වසර 48කදී ලබා ගන්නා සාමාන්‍ය නිවාඩු ගණනට සමාන බවයි එම පුවත්පත වාර්තා කර තිබෙන්නේ.

ඇමරිකාවේ කාර්යාල සේවකයෙකුට වසරකට ලැබෙන්නේ සාමාන්‍ය නිවාඩු දින 11ක් බවත් ඒ අනුව ඇමරිකානු කාර්යාල සේවකයෙකුට වසර පනහක කාලයක් සඳහා ලැබෙන සාමාන්‍ය නිවාඩු දින ගණන ජනාධිපති බයිඩන් වසර හතරක ධුර කාලය තුළ භුක්ති විඳ ඇති බව සඳහන් වෙනවා.

ජනපති බයිඩන් දින 1326 ක ඔහුගේ ධුර කාලය තුළදී දින 532ක විවේක කාලයක් ගත කර ඇති බවත් ඒ අනුව ඔහුගේ ධුර කාලයෙන් 40% ක් ඔහු නිවාඩු ලබාගෙන ඇති බව රිපබ්ලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂයෙන් අනාවරණය වී තිබෙනවා.

ජනාධිපති බයිඩන් මෙම මස 07 වැනි දා ඩෙලවෙයාර් ප්‍රාන්තයේ රෙහොබොත් වෙරළේ විවේකීව ගත කළ අතර එය ඔහු එක දිගට ලබාගත් 16 වන නිවාඩුව බවද රිපබ්ලිකන් ජාතික කමිටුව අනාවරණය කර ඇති බව නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් ගෝලීය අවිනිශ්චතාවයන් බහුල කාලයක සහ ඇමරිකාවේ උද්ධමනය ඉහළ ගොස් බඩු මිල සාමාන්‍ය ජනතාවට දරා ගත නොහැකි මට්ටමක තිබෙන මොහොතක ජනාධිපතිවරයා මේ සා නිවාඩු ප්‍රමාණයක් ලබා ගැනීම කිසිසේත් සාධාරණීකරණය කර නොහැකි බවට මේ සමග විවේචන එල්ල වෙමින් පවතින බවයි පුවත්පත වැඩිදුරටත් සඳහන් කර ඇත්‍තේ.

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!