පැති මාරු වී ගීතා සජිත්ගේ වේදිකාවට

වසර දෙකකින් රට ගොඩගත් නායකයා බව පවසමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කළ රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (09) සමග ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළකරමින් ඔහුගේ ජනරැළියකට සහභාගි වුණා.

සජිත් ප්‍රමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කරමින් මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට පැවති ජනරැළියට ඇය එක් වී සිටියා.

සමග ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සහයෝගය පළ කරන බව ඇය එහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ඇය වත්මන් රජයේ කාන්තා හා ළමා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසින් කටයුතු කරනු ලබයි.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...