ආණ්ඩුව වන්දි දෙනකොට වැඩිම වන්දි ගත්ත රජරට දේශපාලනඥයා..කාගෙ කාගෙත් පැටිකිරිය අනුර හෙළි කරයි

රට විනාශ කළ දේශපාලන බලවේගයන් අවසන් කිරීමට ජීවිතය පරදුවට තබා සටන්  කළ වදින දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවෙකු ලෙස මේ රට පොහොසත් රටක් බවට පත් කිරීමේ අයිතිය තමන් සතු බවත් මේ වන විට ජනතාව තමා වෙත තබා ඇති විශ්වාසය සහ ඇති කරගෙන සිටින බැඳීම අබමල් රේණුවකින් අඩු වීමට කටයුතු නොකරන බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ ජයග්‍රාහී රැලිය අමතමිනි. 

ඔහු කුඩා කළ ජීවත් වූ ගම් ප්‍රදේශයේ ජනතාව අමතමින් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියා.

“අපේ ගම්වල මිනිසුන්ගේ ජීවිතය මොකක්ද? ඉපදෙනවා. මොනවා හරි කරනවා. ඔහේ මිය යනවා. අපිට උරුම විය යුත්තේ එහෙම ජීවිතද? නැහැ. අපේ ජනතාවට තම ජීවිත කාලය තුළ සතුටින් හොඳ ආහාර වේලක්, නිරෝගී සම්පන්න ජීවිතයක්, විනෝදයක්, සතුටක් ඕනෑ නැද්ද? ඒ ජීවිතය උරුම ඒ පැළැන්තියට විතරද? අපේ ගම්වල මිනිසුන්ට ඒ ජීවිතය උරුම නැද්ද? ඔබ ඇතිවෙනකල් මේ මහ පොළොව සමග පොරබදනවා. අස්වැන්න විකුණ ගන්න කොච්චර දුක්විඳිනවාද? නමුත් ඒ ගොල්ලෝ උඩ ඉඳගෙන මහා භාණ්ඩාගාරයේ ධනය, හොරකම් කරන්නේ කොහොමද, කියලා සැලසුම් කරනවා. ඔබ ගෙයක් හදා ගන්න කොච්චර වද විඳිනවාද? ඒ ගොල්ලෝ එක ඩීල් එකෙන් කොළඹ අතිසුඛෝපභොගී, එපාර්ට්මන්ට් ගන්නවා.

එක ගනුදෙනුවෙන් ඩුබායිවලින්, එංගලන්තෙන්, ඕස්ටේ්‍රලියාවෙන් ගෙවල් ගන්නවා. ඇමෙරිකාවේ ගෙවල් ගන්නවා. ඔබ ඒ ගොල්ලන්ට බලය දෙනවා. ඔබලා පීඩනයට පත් කරනවා. ඒ ගොල්ලෝ රටේ ධනය පොදිගහගන්නවා. ඒකයි මේ ක්‍රමය. මේක අපි කුඩා කාලයේදී මේ තරම් ගැඹුරෙන් දැක්කේ නැහැ. නමුත් අපිට ආසාවක් තිබුණා, මේ දේශපාලනය වෙනස් කරන්න ඕන කියලා. එවැනි දේශපාලනයේ දිගටම නියැලිලා ඉන්න කොට අපි දැක්කා මේ මිනිස්සු මොනතරම් ලැජ්ජා නැති අයද කියලා. මම පාර්ලිමේන්තුවේ අවුරුදු 24ක් ඉන්නවා. ඔය හැමෝගේම පැටිකිරිය මම හොඳින්ම දන්නවා. ඔවුන් නිතරම තමන්ට, තමන්ගේ පවුලට පාර කපා ගන්නේ කොහොමද කියලා  බලනවා. ජනතාවට වළ කපමින් ඒ ගොල්ලෝ අනාගතයට පාර කපා ගන්නවා. එදා තැපැල් නයින්ටියෙන් ගිය අය, අද මහා මන්දිර හදා ගන්නවා. වාහන හත අට ගන්නවා. අපේ ඇස් දෙකෙන් අපි දැක තිබෙනවා. රියදුරු රැකියාව කරපු සමහරු දේශපාලනයට ඇවිල්ලා කලා වැවේ, කොළඹ, නුවරඑළියේ විශාල පරිමාණ ඉඩම් ගත්තේ කොහොමද කියලා අපි දන්නවා. තේ දළු ප්‍රවාහනය කරපු උදවිය, දේශපාලනයට ඇවිල්ලා තේ වතු හිමියන් බවට පත් වුණේ කොහොමද කියලා අපි දන්නවා.

අපිට තේරෙනවා නම්, දැනෙනවා නම්, අපිට මනුෂ්‍යත්වය තිබෙනවා නම්, හෘදය සාක්ෂියක් තිබෙනවා නම්, මෙය වෙනස් කිරීම සඳහා ජීවිතය පරදුවට තබා සටන් වදින්න, දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවන් වෙන්න අපිට අයිතියක් නැද්ද? මම එහෙම සටන් වදින දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවක්. මේ රට පොහොසත් රටක් බවට පත් කරන්න අපිට අයිතියක් නැද්ද? අසල්වැසි ඉන්දියාව පරණ කෝච්චි එන්ජින් ගලවා විදුලි දුම්රිය ව්‍යාපෘති ක්‍රියාවට නගනවා. මේ පාලකයන් ගිහිල්ලා ඒ පරණ එන්ජින් තෑගි හැටියට එකතු කරගෙන එනවා.

ලෝකය දියුණුවෙනවා. අපි හිඟාකනවා. අඩුම තරමේ 60 – 70 දශකයේ පොඩි කර්මාන්ත පද්ධතියක් ගොඩනැගෙමින් ආවා. ඒ ඔක්කොම මේ පාලකයෝ විනාශ කරලා දැම්මා. ඔක්කොම දේවල් පිටරටින් ගේන්න පටන් ගත්තා. ඉන්දියාව කර්මාන්ත ඇති කරලා හදනවා. අපි කර්මාන්ත වහනවා. මේ පාලකයන්ට අපේ රටේ නිෂ්පාදනය වැඩිකරන්න කවදාවත් ඕනෑ වුණේ නැහැ. වසා දමනවා විතරක් නොවෙයි තිබෙන ඒවත් විකුණනවා. හදන්නෙම විකුණන්න. හදනකොටත් ගහනවා. විකුණනකොටත් ගහනවා. නඩු තීන්දුවට මුවාවෙලා පොස්පේට් නිධියේ පස් ඉන්දියාවට පටවනවා. ඉන්දියාව පොහොර හදනවා. අපි පස් පටවනවා.

මාවිල්ආරුසොරොව්ව වහපු වෙලාවේ කුඹුරු පාළු වුණා. ආණ්ඩුව තීරණය කළා වන්දි ගෙවන්න. වැඩියෙන්ම වන්දි ගත්තේ එස්.එම්. චන්ද්‍රසේන. මා ගාව තිබෙනවා සියලු විස්තර කොළඹ තිඹිරිගස්යායේ කොමර්ෂල් බැංකු ශාඛාවෙන් සල්ලි දැම්මා අනුරාධපුර ශාඛාවට. එස්.එම්. චන්ද්‍රසේනගෙයි, නෝනාගෙයි ජොයින්ට් එකවුන්ට් එකට. චෙක්පත්වල පිටපත් මා ගාව තිබෙනවා.

අපේ ගම්වල ජනතාව සමග අපිට ඇත්ත බැඳීමක් තිබෙනවා නම්, සැබෑ ලෙන්ගතුකමක් තිබෙනවා නම්, මේ තත්වය වෙනස් කරන්න අපි පොරබැදිය යුතු නැද්ද? අද අපිට තීරණාත්මක අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා. මේ රටට වින කටිපු, මේ රට විනාශ කරපු, මේ පාලක කණ්ඩායම් නිශ්චිත වශයෙන්ම පලවා හැරලා පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ඕනෑ. අපි අනිවාර්යයෙන්ම එවැනි පන්නයේ ආණ්ඩුවක් හදනවා. මේ සෑම පැත්තෙන්ම දහස් ගණනාවක ජනතාවක් මෙතනට ඇවිල්ලා තිබෙන්නේ මොකටද? ඔබ අප කෙරෙහි විශ්වාසය තිබෙනවා. ලෙන්ගතුකම අප කෙරෙහි ඇතිවෙලා තිබෙනවා. අපි සමග බැඳීමක් ඇති වෙලා තිබෙනවා. මම ඔබට සහතිකයක් දෙනවා. ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය හා ලෙන්ගතුකම අබමල් රොනකින්වත් නැතිවෙන්න අපි ඉඩ තබන්නේ නැහැ.”

Latest News

More like this

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළට බිලි වූ සරසවි සිසුවිය

ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද...

ඩඩ්ලිගේ හෝටලය අයින් කරනවද කියලා බලාගෙන ඉමු.. චරිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දරණ වකවානුවේ...

රුසියාවේ WhatsApp තහනමක්.. ඒ වෙනුවට Max ආදේශ කරයි..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විදේශීය පණිවිඩ යෙදුම් සහ මෘදුකාංග...

නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි.. කතෝලික සභාව දැඩි මතයක

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කඩිනම්...
error: Content is protected !!