සජබ ජන රැළිය අතරතුර ගිනි විජ්ජුම්බරයක්… පොලිස් නිලධාරීන් ඇතුළු නවයක් රෝහලේ

සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පිණිස මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට ඉදිරිපිටදී ඊයේ (09) පැවැති ජනරැළිය අතරතුර ආධාරකරුවන් පිරිසක් පත්තු කළ රතිඤ්ඤා පුපුරා යාමෙන් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ අතරට පොලිස් නිලධාරීන් හත් දෙනෙකු ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් පිළිස්සුම් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ඇතුළු නව දෙනා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම රැස්වීම ඊයේ පස්වරු 3.00ට පමණ ආරම්භ වූ අතර රැස්වීම් භූමියට පැමිණෙමින් සිටි සජිත් ප්‍රේමදාස මහතාගේ අධාරකරුවන් නගර මධ්‍යයේ ස්ථාන කිහිපයක රතිඤ්ඤා දල්වනු ලැබුවේ පොලිස් අණ ද නොතකමිනි.

තුවාලකරුවන් කිසිවෙකුත් බරපතල තත්ත්වයේ නොසිටින බවත් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඔවුන්ට වහාම ප්‍රතිකාර ලබා දුන් බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසා තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ විශාල ජනතාවක් මධ්‍යයේ අනාරක්ෂිත අයුරින් රතිඤ්ඤා දැල්වූ පිරිස හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...