රටේ ජනගහණයෙන් 12%ක් වූ භූමිලාට ඡන්ද අයිතිය අහිමියි.. ඒ ගැන අපට ලොකු කණගාටුවක් තියෙන්නේ..

මෙරට 12% ක් පමණ වන සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවට ඡන්ද අයිතිය අහිමි වීමේ අවධානමක් පවතින බව එම ප්‍රජාව නියෝජනය කරන්නන්, සිවිල් දේශපාලන ක්‍රියාකාරින් හා මැතිවරණ නිරීක්ෂකයින් මතු කරන කාරණාවකි.

ඔවුන්ට ඡන්දය භාවිත කිරීමට නොහැකි ප්‍රධානම හේතුව වන්නේ ඔවුන්ගෙන් බහුතරයකට ජාතික හැඳුනුම්පතක් නොමැතිවීමයි.

ඡන්දය කාලයට තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කරනු ලැබුව ද ගැහැණු සහ පිරිමි ලෙස ස්ත්‍රී පුරුෂභාවය අනුව වෙන් කරනු ලබන ඡන්ද මධ්‍යස්ථාන තුළ දී මුහුණ දීමට සිදුවන තත්ත්වයන් ද හේතුවෙන් ඔවුන්ට ඡන්ද අයිතිය අහිමි වී තිබෙනවා.

ඒ පිළිබඳව අදහස් දැක්වූ සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ විධායක අධ්‍යක්ෂිකා හා අම්මා පදනමේ නිර්මාතෘ භූමි හරේන්ද්‍රන් පවසන්නේ මෙවැනි අදහසකි.

“තමන්ගේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් දේශපාලනඥයෝ අපි ගැන පාර්ලිමේන්තුවේ කතා කළා මිසක් දැනුම්වත්භාවයකින් ඒ අය මේ ප්‍රශ්නය කතා කළේ නෑ. ඒ ගැන අපට කනගාටුවක් තියෙන්නේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පුද්ගලයන් තුළ දැනුම්වත්භාවය හා පිළිගැනීම යන කාරණා ඇතිවිය යුතුයි. ඒ මත තමයි මේ ගැටලු විසඳිය හැක්කේ. මේ තුළින් පුද්ගලයන් සංවේදී වීම, හිරිහැර කිරීම අවම කිරීම, නීතියේ රැකවරණය පුළුල් කිරීම, ප්‍රතිපත්ති මාලා සකස් කිරීම සිදුකළ යුතුයි. එය ඡන්දයක් ළං වුණාම නෙවෙයි අවංක භාවයෙන් දීර්ඝ කාලීනව විසඳුම් ලෙස සිදු කළ යුතුයි. එසේම මිනිස්සු කොට්ඨාසයකට තමන්ගේ පෞද්ගලික අනන්‍යතාවන් මත වෙනස් කොට සැලකීම හා හිංසනයට ලක් කිරීම අප වැනි සංස්කෘතිය අතින් පොහොසත් රටක ජනතාවක් ලෙස නොකළ යුතු දෙයක්.”

LGBTIQ ප්‍රජාව අප රටේ ජනගහනයෙන් සියයට දොළහක් වැනි විශාල ප්‍රමාණයක් බව EQUAL GROUND ආයතන සිදු කළ සමීක්ෂණයකින් ද අනාවරණය වී තිබුණා.

මේ ප්‍රජාවේ ගැටලු‍ හා ඔවුන්ගේ සිතුම් පැතුම් නිසි ලෙස හඳුනා නොගැනීමෙන් අද එම ප්‍රජාව දැඩි පීඩාවකට පත්ව සිටින අතර සාමාන්‍ය වැසියා භුක්ති විඳින බොහෝ වරප්‍රසාද මෙන්ම මානව අයිතීන් රැසක්ම මොවුන්ට අහිමිය.

Latest News

More like this

ළමා මනාලියන්ගේ කැළඹිලි සහගත ලෝකය පිළිබඳ කම්පන සහගත ඡායාරූප පෙළක්

ලොව පුරා මිලියන සිය ගණනක් ගැහැණු දරුවන්ට අපයෝජන සහ...

ඉරාන හා පලස්තීන වැසියන් වෙනුවෙන් විමල් ගයයි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත් පලස්තීන හා ඉරාන වැසියන්...

ගෙයින් ගෙට ගොස් බඩු විකුණූ ‘විවේක්’ වසරකට බිලියනයක් හොයන රහස

බොලිවුඩ් සිනමාවේ දශක දෙකක් වැනි කාලයක් ගත කරලා අද...

කැලණිය ප්‍රාදේශීය සභාවේ යමක් සිදු වෙමින් පවතී..

මම මෑත දිනයක කැලණිය ප්‍රාදේශීය සභාවට ගියේ නිවසට අදාළ...
error: Content is protected !!