ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තයෙන් කාන්තාවක් ඔස්ට්‍රේලියාවට පන්නන්න අරුන්දික ගහපු අමුතුම ගේම.. පැය පහක් ප්‍රශ්ණ කරයි

කාන්තාවක ඔස්ට්‍රේලියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ තිහක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පෙරේදා (9 වැනිදා) මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශය වෙත කැඳවා පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි වාර්තා වෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා විදේශගතවන දිනයක තමාටත් ප්‍රභූ පර්යන්තයෙන් ගුවන් තොටුපළට ඇතුළු වන ලෙස අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් යැයි කියන තැනැත්තා දැනුම් දුන් බවත්, අමාත්‍යවරයාද විදේශගතවන දිනයේ තමාට ඇමතුමක් දුන් බවත් මෙම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

තමාට අමාත්‍යවරයා පසුපසින් පැමිණෙන ලෙස දැනුම් දුන්නද සකස් කර ඇති ලේඛනවල ගැටලුවක් නිසා තමාට ආගමන විගමන නිලධාරීන් ගමනට අවසර නොදුන් බවත් එම කාන්තාව සිදු කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.

පැමිණිලිකාරිය වැඩිදුරටත් පවසා ඇත්තේ ඇමැති සම්බන්ධීකරණ ලේකම් යැයි කියාගත් රොෂාන් සේනානායක නමැත්තා ඔහුගේ සහ අමාත්‍යවරයාගේ නමින් ඇති බැංකු ගිණුම් දෙකකට මුදල් තැන්පත් කරන ලෙස දැනුම් දුන් බවත් ඒ අනුව ජනවාරි මසදී ගිණුම් දෙකට රුපියල් ලක්ෂ දාහතක් තැන්පත් කළ බවයි.

ඊට අමතරව ඇමැති සම්බන්ධීකරණ ලේකම්ව තමාට හඳුන්වා දුන් මොහොමඩ් අලි නමැත්තාට රුපියල් ලක්ෂ දොළහක් අතට ලබාදුන් බවත් ඇය පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.

තමාගෙන් මුදල් ලබාගෙන ඔස්ට්‍රේලියා යවන බවට පැවැසුවත් එය ඉටු නොවීමෙන් පසු මුදල් ඉල්ලා සිටිය බවත් එම මුදල් ගෙවීමට ප්‍රතිචාර නොදැක්වූ නිසා පැමිණිල්ල සිදු කිරීමට මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයට පැමිණි බව වින්දිත කාන්තාව පැමිණිල්ල කරමින් සඳහන් කර තිබෙනවා.

මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශය මෙම චෝදනාවට ලක්වූ ඇමැති සම්බන්ධීකරණ ලේකම් යැයි කියාගත් පුද්ගලයා සහ බ්‍රෝකර්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තමන්ට ලද රුපියල් ලක්ෂ පහළවක මුදලක් රාජ්‍ය අමාත්‍යවරයාට ලබාදුන් බවයි අනාවරණය කර තිබෙන්නේ.

මෙම චෝදනා සම්බන්ධව රාජ්‍ය අමාත්‍යවරයා කැඳවා ප්‍රකාශ ලබාගත් බවත් වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවත් පොලිසිය පවසනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...