රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ස්ථිරයි..

2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී නැති බවට පළවන වාර්තා සාවද්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

අදාළ අනුමැතිය මේ වන විටත් ලැබී අවසන් බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024-08-12 වැනි දින අදාළ ඇමැති මණ්ඩල සංදේශය යොමු කර තිබෙන බවත් ඒ මහතා කියා සිටියා.

ඒ අනුව මෙවන් සංවේදී කරුණු ජනගත කිරීමේදී ජනතාව නොමඟ යවන ආකාරයේ සාවද්‍ය පුවත් පළ නොකොට කරුණු සොයා බලා නිවැරදි තොරතුරු ජනගත කිරීමට කටයුතු කරන මෙන් සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළා.

2024 මැයි මස 27 වැනි දිනැති අංක 24/විවිධ (020) දරන ඇමැති මණ්ඩල තීරණය ප්‍රකාරව රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පැවති වැටුප් විෂමතාවන් පිළිබඳ අධ්‍යයනය කර, 2025 වර්ෂය සඳහා වන අය-වැය යෝජනාවලට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට හැකි වන පරිදි රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබුවා.

එම විශේෂඥ කමිටුව මඟින් රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් 81ක් සහ රාජ්‍ය නිලධාරීන් හා තවත් වෘත්තීය සංගම්, විවිධ සංවිධාන, ආයතන හා පුද්ගලයන් 391ක් සමඟ සාකච්ඡා පවත්වා අදාළ තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අතුරු වාර්තාවක් සකස් කොට ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයන් හා රාජ්‍ය අංශයේ සේවකයන් මුහුණදෙන අභියෝගද සැලකිල්ලට ගෙන රාජ්‍ය පිරිවැය කළමනාකරණය කර ගැනීමට අදාළ යෝජනා ද සමඟ පවතින වැටුප් ව්‍යුහයන් සංශෝධනය සඳහා වූ උපමාණයන් හා ප්‍රමිතීන් ද රාජ්‍ය පිරිවැය අවම කිරීමට සහ ආදායම් උත්පාදන උපාය මාර්ග ඇතුළත් වූ ප්‍රතිපත්තිමය රාමුවක් මෙම අතුරු වාර්තාව මඟින් නිර්දේශ කර ඇති බව ගුණවර්ධන මහතා වැඩි දුරටත් කියා සිටියා.

ඒ අනුව ඇමැති මණ්ඩල පත්‍රිකා අංක 24/1609/601/097 වූ, ‘‘රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කරන ලද විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාව” යන මැයෙන් ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024.08.12 වැනි දින ඇමැති මණ්ඩල සංදේශය යොමු කර ඇති බව ඇමැතිවරයා සඳහන් කළා.

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...
error: Content is protected !!