අනුරගේ විවාද අභියෝගයට ජනපතිගෙන් කොළ එළියක්.. IMF ලොක්කෙකුත් ගේන්න යෝජනා කරයි

සජීවී විවාදයක් සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක මහතා කළ ආරාධනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා එම අභියෝගය භාර ගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

පළමුව ඒ සඳහා ජාතික ජන බලවේගය ආර්ථිකය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණිය යුතු බව ද ඔහු  පවසා සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ වෘත්තිකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා ඇත්තේ ජාතික ජනබලවේගයේ ඉදිරි සැලසුම වී ඇත්තේ අපනයන ආර්ථිකයක්ද, ආනයන ආර්ථිකයක්ද යන්න පළමුව දැනුම් දිය යුතු බවයි.

එසේ දැනුම්දීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරතුමිය සමඟ සාකච්ඡාවකට එළඹිය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

“අපි IMF අනුව ක්‍රියා කරනවා නම් අපිට ණය ගන්න අමාරුයි. අපේ වියදම එන අවුරුද්දේ ඩොලර් බිලියන 6,800යි. ආදායම ඩොලර් බිලියන 5,100යි. අපේ පරතරය ඩොලර් බිලියන 1,700යි. හොඳ වෙලාවට ඒක දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.2%යි. කිසි බයක් නැතුව අපිට මේක හදන්න පුළුවන්. දැන් බලන්නකෝ මාලිමාවේ වියදම් ගත්තහම වියදම ඩොලර් බිලියන 8,900යි. අපිට වඩා ඩොලර් බිලියන 2,000ක් වැඩියි. කොහොම ද මේක කරන්නේ. මේක කරන්න ගිහින් කොන්දේසි කැඩුවොත් මොකද්ද වෙන්නේ ? මෙහෙම කළොත් පළවෙනියෙන්ම වෙන්නේ අපේ රුපියල ඩොලරයට 400 – 425ක් වගේ වෙනවා. කොන්දේසි කඩලා කියලා IMF සහයෝගය අයින් කළොත් ඩොලර් එක රු 500ට යයි. ලෝක වාර්තාවක්.

මට මිත්‍රයා කියන්න එපා කිව්වා. ඔන්න දැන් ආනමඩුවේදී කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මං කොහොමද විවාදයකට එන්නේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කියන්න අපනයන ආර්ථිකයක් ද? ආනයන ආර්ථිකයක් ද? කියලා අපිට කියන්න. ඒක දැනුම් දුන්නාට පස්සේ එතුමයි මමයි IMF එකේ කළමනාකාරතුමියයි ඔක්කොම සාකච්ඡාවක් ඇති කරමු. ඕනේ නම් සජිත්ටත් එන්න කියමු.මම ටිකක් බයයි. එයා කතා කරන්න ගත්තාහම අධ්‍යක්ෂ තුමිය යයි මට වැඩ තියෙනවා කියලා.” යැයි ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.”

රනිල් වික්‍රමසිංහ යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන බව අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (08) ජන රැලියක් අමතමින් සඳහන් කළා.

Latest News

More like this

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...

සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි...

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයන්න ආරක්ෂක අංශ නිවසට යයි !

හිටපු අමාත්‍යවරයකු වූ ප්‍රසන්න රණතුංග සෙවීම සඳහා අල්ලස් හෝ...

ලතා වල්පොළගේ 91 වැනි උපන්දිනය සැමරීමට සජිත් එක්වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම...
error: Content is protected !!