පැය 5ත් 19ත් අතර විදුලි කැපිල්ලකින් බංගලාදේශය යළිත් ගිනියම් වේ.. අන්තර්වාර රජයටත් දැඩි බලපෑමක්

බංගලාදේශයේ මේ වන විට උස්සන්න වී ඇති විදුලි අර්බුදය හේතුවෙන් නාගරිකර ප්‍රදේශවල පැය 5ක කාලයක් සහ ග්‍රාමය ප්‍රදේශවල පැය 19ක කාලයක් දෛනික විදුලි කප්පාදුවක් සිදුවන බව බව ‘නිව් ඒජ්’ පුවත්පත වාර්තා කරනවා.

රටේ දැනට ස්ථාපිත උපරිම ධාරිතාවෙන් සියයට 45 ක් පමණක් භාවිත කිරීමට අන්තර් වාර රජයට සිදු වී ඇති බැවින් මෙගාවොට් 12,500ක පමණ විදුලිය නිපදවා පිරිමසා ගැනීමට සිදුවීම ඊට හේතුව බවයි එම පුවත් වාර්තාව සඳහන් කරන්නේ.

රටේ නාගරික පාරිභෝගිකයින්ට ප්‍රමුඛත්වය දෙමින් විදුලිය බෙදා හැරීමේ සම්ප්‍රදායික ක්‍රමය අනුව ග්‍රාමීය ප්‍රදේශවල විදුලි සැපයුම් තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබෙනවා.

අධික ඉල්ලුමක් ඇතිවීම හේතුවෙන් අගනුවර වන ඩකා ඇතුළු ප්‍රධාන නගර රැසක පෙර නොවූ විරූ ආකාරයේ විදුලිය බිඳ වැටීමක් සිදුවී ඇති බවත් එම වාර්තාව සඳහන් කරනවා.

මෙම තත්ත්වය කඩිනමින් විසඳීමට රජය අසමත් වන්නේ නම් ඉදිරියේදී එරට විදුලි සැපයුම් පද්ධතිය මුළුමනින්ම කඩා වැටෙනු ඇතැයි අනාවැකි පළ වෙමින් පවතී.

රජයේ මෙන්ම පෞද්ගලික අංශයද විදුලි බලාගාර පනහකට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් අක්‍රිය වී ඇති අතර ගල් අඟුරු හා ඩීසල් හිඟය කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස අන්තර්වාර් රජයට එරට ව්‍යාපාරික ප්‍රජාව වෙතින් දැඩි බලපෑමල්වන බවයි වාර්තා වෙන්නේ.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...