Spa කතුන් දෙදෙනෙක් පැහැරගෙන සමූහ දූෂණය කරයි

බැලුම්මහර ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට කඩාවැදී එහි තිබූ මුදල් ඇතුළු දේපොළ කොල්ලකා සම්බාහනයේ නිරත යුවතියන් දෙදෙනකු පැහැරගෙන ගොස් සමූහ දූෂණය කිරීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනකුගෙන් පස්දෙනෙකු ඊයේ (10) යක්කල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඩුවක් අතැතිව පෙරේදා (09) එම සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වී ඇති හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායම එහි සේවය කළ කාන්තාවන් පස් දෙනකු කාමරයක සිරකර ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන, මුදල් හා අනෙකුත් දේපොළ කොල්ලකා තිබුණා.

අනතුරුව ඔවුන් සම්බාහන ආයතනයේ සේවය කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඇතැයි පොලිසිය පවසනවා.

යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතා මාධ්‍ය වෙත පැවසුවේ ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගත් බවයි.

මෙම කාන්තාවන් දෙදෙනා පැහැරගෙන මීගහවත්ත ප්‍රදේශයේ නිවෙසකට ගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ බව එම කාන්තාවන් පොලිසියට පවසා තිබෙනවා. 

මේ වන විට වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා මෙම කාන්තාවන් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වූ ඉංගිරිය ඌරුගල ප්‍රදේශයේ පදිංචි තෙරපිවරියක සහ වයස අවුරුදු 23ක් වූ කුලියාපිටිය ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචි තෙරපිවරියකි.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනකු දොම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී කාන්තාවන්ගෙන් කොල්ලකන ලද දේපොළ ද සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියා. සෙසු සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව ද පොලිසිය සඳහන් කළා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...