කාන්තා සැත්කම් පෙන්වීමට දොස්තරලා පිට පිරිමි අරන් ගිහින්..

අනුරාධපුර නගරයේ පෞද්ගලික රෝහලක ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ශල්‍යාගාරය තුළ කාන්තාවන්ගේ ශල්‍ය කර්ම සිදු කරන අවස්ථාවලදී පිරිමි පුද්ගලයන් ශල්‍යාගාරය තුළට රැගෙන ගොස් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

සිසේරියන් සහ ගර්භාශ ඉවත් කිරීමේ ශල්‍යකර්ම වැනි ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවල මෙලෙස අනවශ්‍ය පිරිමින් ශල්‍යාගාරය තුළ තබා ගන්නා බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙලෙස ශල්‍යාගාරය තුළට රැගෙන ගොස් ඇත්තේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට හිතවත් කම්කරු සේවකයන් පිරිසක් බවයි පැවසෙන්නේ.

කාන්තාවන්ගේ ශල්‍යකර්ම සිදුකරන ඇතැම් අවස්ථාවල සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අයත් නොවන පුද්ගලයින් අදාළ විශේෂඥ වෛද්‍යවරයා විසින් කාන්තාවන්ගේ ශරීර ස්පර්ශ කරමින් සිදුකරන යම් කාර්යයන් සඳහා ද යොදා ගන්නා බව ආරංචි මාර්ග පවසනවා.

රජය හෝ පෞද්ගලික හෝ යම් ඕනෑම රෝහලක ශල්‍යාගාරය තුළ කාන්තාවන්ගේ ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවල අදාළ විශේෂඥ වෛද්‍යවරයා සහ එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය සෙසු රෝහල් කාන්තා කාර්ය මණ්ඩලය හැර වෙනත් බාහිර පුද්ගලයින් ශල්‍යාගාර තුළ රැඳී සිටීම සෞඛ්‍ය ආචාර ධර්මවලට සහ නීතියට ද පටහැනි බව රජයේ වෛද්‍යවරු පවසනවා.

මෙම රෝලෙන් ශල්‍යකර්ම කරවා ගත් කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් දුරකථනයෙන් කළ විමසීම් වලදී එම කාන්තාවන් සියලු විස්තර ප්‍රකාශ කිරීමට මැලිකමක් දැක්වූ අතර මෙම පෞද්ගලික රෝහලින් ශල්‍ය කර්ම සිදුකරවා ගත් තවත් කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් ඒ පිළිබඳ විමසා බලන ලෙස ඔවුන් පවසා තිබෙනවා. 

අදාළ පෞද්ගලික රෝහලේ ශල්‍යාගාරය තුළ පවතින බව කියන මෙම බරපතල තත්ත්වය සම්බන්ධයෙන් දුරකථනයෙන් කළ විමසමකට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී එච් ලියනගේ මහතා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැති බවයි.

කෙසේ වෙතත් මේ ගැන සොයා බලා නිසි ක්‍රියා මාර්ග ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Latest News

More like this

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...
error: Content is protected !!