වීර කාන්තාව.. පියාගේ ඝාතකයෝ එක්ක.. හිරුණිකාට කැත නැද්ද?

සැප්තැම්බර් 22 වැනිදා බිහිවන්නේ මේ රටේ සියලුම පුරවැසියන්ගේ ජනාධිපතිවරයා බවත් කිසිදු ආකාරයක ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය වීමට ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික ප්‍රවීණ රංගන ශිල්පී ජගත් මනුවර්ණ සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (11) මහනුවර දී පැවති ජන රැළියකට එක් වෙමිනි.

ජාතික ජන බලවේගයේ වේදිකාවේ සිටින්නේ හෘද සාක්ෂියක් සමඟ දේශපාලනය කරන කණ්ඩායමක් බවත් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටි සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි අයට සිය පියාගේ ඝාතකයන් සමඟ ගණුදෙනු කරන ඝාතකයන් සමඟ එක වේදිකාවක සිට ගැනීමට සිදු වීම ඛේදවාචකයක් බව ඔහු පැවසුවා.

“අද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වේදිකාව ඉන්නවා ආනන්ද සාගර කියලා භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ එදා රිෂාඩ් බදියුදීන් විල්පත්තුව කපනවා කියලා දකුණු විශාල කලබලයක් ඇති කළා. දකුණේ කොල්ලො කෙල්ලො අරන් ගියා විල්පත්තුවට. ඇත්ත රිෂාඩ් බදියුර්දීන් විල්පත්තුව කැපුවා. අධිකරණය තීන්දුවක් දුන්නා කපපු ගස් ටික හිටවපන් කියලා. හිටෙව්ව ද නැද්ද අපි දන්නෙ නෑ. හැබැයි රිෂාඩ් බදියුර්දීන් වැරදිකාරයා තමයි. ඒකට විරුද්ධව දකුණේ කෑ ගැහුවෙ ආනන්ද සාගර හාමුදුරුවෝ. අන්න දෙන්නම සජිත්ගේ වේදිකාවේ. එකට එකතුවෙලා මාළිමාවට ගහනවා. අද නාලක ගොඩහේවා සජිත් ප්‍රේමදාස එක්ක.

කියන්න කණගාටුයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇගේ පියාගේ ඝාතනයට යුක්තිය ඉල්ලමින් දේශපාලනයට ආවේ. මිනිස්සුන්ගේ යම් හැඟීමක් තිබුණා තමන්ගේ තාත්තා වෙනුවෙන් ඉස්සරහට ආවෙ කියලා. අද තාත්තගේ ඝාතකයො එක්ක ඩීල් දාන උන් වෙනුවෙන් පෙනී ඉන්න වෙලා තියෙනවා. අද හිරු එකත් එක්ක ඩීල් දානවා සජිත් ප්‍රේමදාස. ඒ සජිත් එක්ක වැඩ කරන්න වෙලා තියෙනව හිරුණිකා ප්‍රේමචන්ද්‍රට. කොච්ච්ර කණගාටු දායකද? කොච්චර කැතද? හෘද සාක්ෂියක් තියාගෙන එහෙම දේශපාලනයක් කරන්න පුළුවන් ද?”

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!