මෙවර මැතිවරණයේ උතුරු පළාත සම්පූර්ණයෙන්ම නිහඬයි. නිහඬ ජලාශයක ගැඹුර වැඩියි – හිටපු මැකෝ

උතුරු පළාත සම්පූර්ණයෙන්ම මැතිවරණයක් නොපැවැත්වෙන තත්වයේ නිහඩතාවයක් පවතින අතර නිහඬ ජලාශයක ගැඹුර වැඩි බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් එල්ල කළ හැකි ප්‍රචණ්ඩ ක්‍රියාවක් කිරීමට මෙවර කිසිවෙකු උත්සාහ නොගන්නා බවද, එවැනි ක්‍රියාවක් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවද ,ප්‍රචණ්ඩ ක්‍රියාවක් කිරීමට කිසිවකු උත්සාහ ගතහොත් රටේ ජනතාව ඉදිරියේ එම ප්‍රචණ්ඩත්වය වාෂ්ප වන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

අනෙකුත් පළාත් වලින්ද බරපතල සිද්ධීන් වාර්තා නොවන බව ඔහු කියා තිබෙනවා.

ගෙයින් ගෙට යෑමේදී විශාල පිරිස් යන බවත්, එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් යැයි ද ඒ මහතා සඳහන් කළා.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි 11 ට පමණ ලබා ගත හැකි බවයි ඔහු පවසන්නේ.

ඔහු මේ බව කියා සිටියේ මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔහුගෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිනි.

Latest News

More like this

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...
error: Content is protected !!