ජපුර JVP ශිෂ්‍ය කණ්ඩායම් මහ රෑ හොස්ටල්වලට පැනලා පහර දීමක් කළා.. රට නැවත ලේ විලක් කරන්න හදන්නේ

සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඊයේ (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමුණා.

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය වසා දැමුණේ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය කණ්ඩායම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ සමගි ජන බලවේගයේ ශිෂ්‍ය කණ්ඩායම් වෙත පහර දීම හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා තිබෙනවා.

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය වසා දැමුණේ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය කණ්ඩායම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ සමගි ජන බලවේගයේ ශිෂ්‍ය කණ්ඩායම් වෙත පහර දීම හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා තිබෙනවා.

මෙය රට නැවත ලේ විලක් බවට පත් කිරීමේ උත්සහයක් බවයි ඔහු  කියා සිටියේ.

“ඊයෙයි පෙරේදායි දෙකේම ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය කණ්ඩායම් ගහන්න පටන් ගත්තා පෙරටුගාමීන්ටයි.සමගි ජන බලවේගයේ ශිෂ්‍ය කණ්ඩායම්වලටයි.ඊයේ රාත්‍රියේ හොස්ටල්වලට පැනලා ගහන්න ගත්තා.අද ඔක්කොම මහාචාර්යවරු කතා කරලා තීරණයක් ගත්තා අද හවස 6.00 වෙනකොට මේ විශ්වවිද්‍යාලය වහන්න.

දැන් මේකම තවත් විශ්වවිද්‍යාලවලට පැතිරෙනවා.මේගොල්ලො මේ කරන්න හදන්නේ මේ රට ලේ විලක් කරන වැඩේ පටන් ගන්න හදන්නෙ.විශ්වවිද්‍යාල ඇතුළෙ ජ.වි.පෙ ශිෂ්‍ය සංගම් වෘත්තිය සමිති මේවා, අපේ රටේ මිනිස්සු බය බය කර ඡන්දෙ දුන්නෙ නැත්නම් බලාගන්නම් කියල විශාල භීෂණයක් රට ඇතුළෙ හදන්න යනවා.

තමුන්නාන්සේලාට මේකට උත්තර දෙන්න වෙන්නෙ බොහොම නිහඬව.ගමට ගිහින් කියන්න මේ අවසාන ඡන්දෙ කියලා ජනතා විමුක්ති පෙරමුණට බලය ගියොත්.මේ රටේ ආපහු ඡන්ද තියන්න එයාලගේ බලාපොරොත්තුවක් නෑ.ආව ගමන් කොට්ඨාස සභාවට බලය දෙනවා.අනුර කුමාර කියනවා මම ආව ගමන් පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා.අපට කතා කරන්න පාර්ලිමේන්තුවක් නැහැ.එයා ඡන්දෙ තියනවලු ඡන්දෙ තියන්න දින 52 ක් යනවා.දින 52 ක් පාලනය කරන්න ආණ්ඩුවක් නෑ.ආණ්ඩුවක් හදන්න බෑ.තුන්දෙනයි ඉන්නෙ පාර්ලිමේන්තුවේ.තුන්දෙනාගෙන් කොහොමද කැබිනට් මණ්ඩල හදන්නේ.

Latest News

More like this

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...
error: Content is protected !!