ජනතා විමුක්ති පෙරමුණ ආයුධ එකතු කරන බවත් සැප්තැම්බර් 21න් පසු ආගමික ප්‍රචණ්ඩත්වයක් එන බවට නව මඟ ජාතික ව්‍යාපාරයේ ලේකම් යැයි හඳුන්වා ගන්නා අනිල් ශාන්ත ප්‍රන්නාදු නමැති පුද්ගලයෙක් කරන ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක් බවත් එය මැතිවරණ නීතිය උල්ලංඝනය කර සිවිල් හා දේශපාලන අයතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ද ඉක්මවා යන ප්‍රකාශයක් බව ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අකලංක උක්වත්ත මහතා ප්‍රකාශ කළා.
එය අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ උත්සාහයක් හා නැති භීතියක් සමාජය තුළ ඇතිකිරීමේ උත්සාහයක් බවයි ඔහු ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාමාර්ගවලට අවතීරණය වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් ඒ මහතා කියා සිටියා.
“හැසිරෙන්නෙ දන්නේ නැත්නම් බැඳලා දාන්න ඕන. ඒක කරන්නේ නීතියෙන්. තමන්ගේ ඔළුවට එන ඔක්කොම විකාර සමාජගත කරලා අනිත් මිනිස්සුන්ගේ නිදහස් මනසටත් ඇතුළු කරලා මනස විකෘති කරන්න හදනවා නම් ඒකට ක්‍රියා මාර්ග ගන්න ඕන. නිදහසා සාධාරණ මැතිවරණයකට පරිසරය රට තුළ හැදිලා තියෙද්දි රට ව්‍යාකූල කරන්න හදනවා නම්, මේ රටේ මිනිස්සු කැමති නෑ අනවශ්‍ය ප්‍රචණ්ඩත්වයට.ඊළඟට මොකද්ද වෙන්නේ කියලා තැතිගෙන ඉන්න මිනිස්සු කැමති නෑ”
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අද (14) පැවති මාධ්‍ය හමුවක් අතරතුරදීය.
ජාතික ජන බලවේගය තුළ බරපතල බෙදීමක් පවතින බව ද නව මඟ ජාතික ව්‍යාපාරයේ ලේකම් අනිල් ශාන්ත ප්‍රන්නාදු ප්‍රකාශ කර තිබුණා.
බුදුදහමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සහ මාළිමාවේ සිටින ඇතැම් නිරාගාමික කල්ල විසින් බුදු දහමට එරෙහිව ඉතාමත්ම බරපතල ප්‍රකාශ වගේම හාමුදුරුවරු විදියට ස්වාමීන්වහන්සේලා ලෙස පෙනී සිටින අය ලවා බුදු දහමට එරෙහිව දැවැන්ත ඛේදනීය තත්ත්වයක් නිර්මාණය කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළා.