චීනය, ඉන්දියාව හෝ ඇමරිකාව ලංකාවේ අපේක්ෂකයින් දෙස බලා හොඳ කවුද, නරක කවුද කියා තීරණය කරන්නේ නැහැ

චීනය, ඉන්දියාව හා ඇමරිකාව වැනිබලගතු රටවල් කිසිවිට මෙරට ජනාධිපති අපේක්ෂකයින් දෙස බලා කවුරු හොඳ හෝ නරකදැයි තීරණය කරනු ඇතැයි තමා නොසිතන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

නායකයින් ලෙස බැලිය යුත්තේ මේ රටේ ජනතාවට එම රටවලින් ලබා ගත හැකි ප්‍රයෝජන ලබා ගැනීම බව ඔහු කියා තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සති අග පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

“ඒ අය අපිත් එක්ක මේ වගේ දේවල් කතා කරලාවත් නැහැ. වැදගත් වන්නේ එය නොවේ. චීනය, ඉන්දියාව සහ එක්සත් ජනපදය ලෝකයේ බලවත්ම රටවල්. නායකයින් ලෙස අප බැලිය යුත්තේ මේ රටවලින් උපරිම ප්‍රයෝජනය මේ රටේ ජනතාවට සේවය කිරීම සඳහා ලබා ගන්නේ කෙසේද යන්නයි. කවුරු බලන් හිටියත් මට වැඩක් නෑ. මට අවශ්‍ය වන්නේ මගේ රටට සහ මගේ ජනතාවට සේවය කිරීමයි. මගේ ප්‍රතිපත්තිය නම් ඒ සඳහා මේ රටවලින් මට හැකි සෑම සහයෝගයක්ම ලබා ගැනීමයි”
එහිදී ඔහුගේ අගමැතිවරය පිළිබඳ කළ විමසීමකදී ඵු ඊට පිළිතුරු ලබා දී තිබුණේ මෙසේය.

“වෙන දෙයක් කරන්න කලින් මම ජනාධිපති වෙන්න ඕන. මම අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවා. ඒ වගේම මම ඔබට කියන්නම් කවුද අගමැති කරන්නේ කවුද ඇමති කියලා අහනවාට වඩා ඔබ මගෙන් විමසිය යුත්තේ දැනට දුක්විඳින දස දහස් ගණනක් වෙනුවෙන් මා සතුව ඇති විසඳුම කුමක්ද කියායි. තනතුරු වැදගත් නැහැ.

මම ස්වේච්ඡා ජනාධිපතිවරයෙක්, රටට බරක් නොවී වැඩ කරන ජනාධිපති කෙනෙක් වෙනවා. මගේ ආදර්ශ පාඨය අන් අයට දේශනා කරනවාට වඩා, මිනිසුන් දුක් විඳීමෙන් නිදහස් කිරීමයි. ඒක තමයි මගේ වැඩසටහන.”

Latest News

More like this

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...
error: Content is protected !!