වට්ස්ඇප්වල බොරු දාන අයගේ හාම්පුතුන්ගේ කෙරුවාව.. බාර් ලයිෂන් දීමට පගා ගත් සජබ පොහොට්ටු පිළිබඳ හෙළිදරව්වක්

වට්ස් ඇප් කණ්ඩායම්වල අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් මෙහෙයවනු ලබන හාම්පුතුන්ගේ ගේම් මෙම මස 18 වැනිදා අනාවරණය කරන බව ජාතික ජන බලවේගය අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බාර් ලයිෂන් ලබා ගෙන ඒවා ලබ දීම සඳහා විවිධ පුද්ගලයින්ගෙන් පගාව ලබා ගත් නමුත් ලයිෂන් අත්සන් කර ගැනීමට නොහැකි වූ සමගි ජන බලවේගයේ සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් මේ වන විට අතරමං වී සිටින බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා එම ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර කියා සිටියා.

එක් සජබ මන්ත්‍රීවරයෙක් මැල්සිරිපුර, ගලේවෙල, අංකුඹුර යන ස්ථානවලට බාර් ලයිෂන් දෙන්නම් යැයි පවසා රුපියල් මිලියන 21ක් අරගෙන ඇති බවත් කතරගම බාර් ලයිෂන් එකක් පාර්ලිමේන්තුවේ ඉහළම පුටුවක සිටින පුද්ගලයෙකු විසින් ලබා දී ඇති බවත් ඒ සඳහා රු මිලියන 10 ක චෙක් එකක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ලංකා බැංකුවෙන් නිකුත් කර තිබෙනවා.

ඩිල්මා ආයතනය සම්බන්ධ කරමින්, ව්‍යාජව සකස් කළ ලිපියක් වට්ස් ඇප් මාර්ගයෙන් ප්‍රචාරණය කරනු ලැබූ පිරිස් පිළිබඳව ද මෙම සාකච්ඡාව අතරතුර වසන්ත සමරසිංහ මහතා අනාවරණයක් කළා.

ඒ අතර ඕස්ට්‍රලියාවේ සිට එම පණිවිඩය ෆේස්බුක් හි පළ කිරීමට කටයුතු කළ මාධ්‍යවේදිනියක වන දිල්කා සමන්මලීට එය නොදැනුවත්ව පළ කරන ලද්දේ නම් ඉවත් කර ගන්නා ලෙස කළ ඉල්ලීමෙන් පසු ඇය එම පෝස්ටුව ඉවත් කරගෙන ඇති බව ද ඔහු පැවසුවා.

මම දැන් හෙළි කරන්නම්, පසුගිය කාලයේ බාර් ලයිෂන් ගනුදෙනු සිදු කළ හැටි. රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ සහ සජබ මන්ත්‍රීවරුන්ට ‘බාර් ලයිෂන්’ කියන කැරට් අලය දුන්නා. ලයිෂන් එක අත්සන් කර ගන්නෙත් නැතිවම සමහර අය කැරට් අලය කෑවා. සමහර පුද්ගලයන්ගෙන් බාර් ලයිෂන් දීමේ පොරොන්දුව මත පගාව අරගෙන ලයිෂන් එක දෙන්න බැරි වුණු පිරිසක් දැන් හිර වී සිටිනවා. පගාව දුන් අය එක්කෝ බාර් ලයිෂන් එක දෙන ලෙසත්, නැත් නම්, අදාළ මුදල් ලබා දෙන ලෙසත් ඉල්ලීම නිසා සජබ මන්ත්‍රීවරු ගලේ පැහැරූ බළලුන් මෙන් හතර අතේ දුවනවා. රනිල්ගේ වේදිකාවට නැඟගන්නත් බැහැ, සජිත් ළඟ ඉන්නත් බැරි වී තිබෙනවා. මැල්සිරිපුර, ගලේවෙල, අංකුඹුර යන ස්ථානවලට බාර් ලයිෂන් දෙන්නම් කියලා රුපියල් මිලියන 21ක් සජබ මන්ත්‍රීවරයෙක් අරන් තියෙනවා. එයින් මිලියන පහක්ම මුදල් වශයෙන් විතැන් කර තිබෙනවා. 

ඒ වාගේම මිලියන 10ක චෙක් එකක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ලංකා බැංකුවෙන් නිකුත් කර තිබෙනවා. චෙක්පත් අංකය 277245. මේ චෙක් එක ඔක්තෝබර් මාසයේ 10 වැනිදාට දිනය ඇතුළත් කර තිබෙනවා. තව මිලියන හයක් දෙන්නත් තිබෙනවා. මෙයා රනිල්ගේ වේදිකාවට ආවේ නැති නිසා බාර් ලයිෂන් එකට අත්සන් කරලා නැහැ. වට්ස්ඇප් ගෲප්වල බොරු ප්‍රචාර දාන අයට අපි හෙළි කරන්නේ ඔවුන්ගේ හාම්පුතුන් ගහන ගේම් ගැනයි. සජිත් ප්‍රේමදාස සහ පිරිස බස් බෙදන්න සල්ලි කොහෙන් ද ඇහුවාට කීවේ නැහැ නේ. නමුත්, අපි ඒවා ළඟදීම හෙළි කරන්නම්. ඒ වාගේම නාරම්මල බාර් ලයිෂන් එකට මිලියන 35ක් අරගෙන තිබෙනවා. කතරගම බාර් ලයිෂන් එක දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක ඉන්න කෙනෙක්. මේ සම්බන්ධයෙන් සියලු විස්තර අපි 18 වැනිදා එළියට දානවා. ජාතික ජන බලවේගයේ රජයක් තුළ මේවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. ජාතික ජන බලවේගයට බොරු මඩ ගහගෙන ඇවිල්ලා, 18 වැනිදා ඔයගොල්ලන්ගේ ඇත්ත සියල්ල එළියට දැම්මාම ජනතාව වඩා හොඳින් තේරුම් ගනීවි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!