කොරහත් බිඳගෙන යන්න හදන රනිල්ගේ අන්තිම කුපාඩි ගේම.. මාළිමාව කියයි

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ බල හුවමාරුවක දී රටට හෝ ජනතාවට හෝ අගතියක් නොවන හැටියට ක්‍රියා කිරීම ජනාධිපතිගේ වගකීමක් බවත් මේ රටට කළ හැකි උපරිම අගතිදායක දේවල් සිදු කර ඔවුන් යනවා නම්, අලුතින් පත් වන ජනාධිපතිවරයාට ක්‍රියා කළ හැකි ආකාරයන් ද පවතින බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ විධායක සභික ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා එසේ පෑවසුවේ අද (15) පැවති මාධ්‍ය හමුවක් අතරතුර ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් ඇතිවන තත්ත්වය කුමක්දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එවැනි අයිතියක් ඇතත් එය රට අල්ලා පොළොවේ ගැසීමක් බව ඔහු කියා සිටියා.

“ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට හැකියාවක් තිබෙනවා, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. එහෙම විසුරුවා හැරියහොත්, එයින් කියැවෙන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එක් වී මේ රට අල්ලලා පොළොවේ ගහනවා කියන එකයි. ශුද්ධ සිංහලෙන් කියනවා නම්, කුපාඩි වැඩක්. ව්‍යවස්ථාවෙන් යා හැකි දුරකුත් තියෙනවා. නමුත්, මේ කුපාඩි වැඩෙන් කරන්නේ යන යකා කොරහත් බිඳගෙන යනවා වාගේ වැඩක්.”

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...