මැතිවරණය ප්‍රචණ්ඩ විය හැකියි.. ශ්‍රි ලංකාව ගැන ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත බැවින් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ අවදානමක් පවතින බැවින් එහි සංචාරය අනතුරුදායක බවට සිය පුරවැසියන් වෙත නිවේදනය කිරීමට ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනට පෙර හෝ පසු පෙළපාලි ඇතිවිය හැකි බවත් එවැනි අවස්ථාවල පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කීරිමේ හැකියාව පවතින බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙලඳපොලවල්, සාප්පු සංකීර්ණ, රජයේ ආයතන, හෝටල්, සමාජ ශාලා, ආපනශාලා, ආගමික ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා සහ සංස්කෘතික උත්සව, ගුවන් තොටුපල, රෝහල්, අධ්‍යාපන ආයතන සහ අනෙකුත් පොදු ස්ථාන ඉලක්ක කරගනිමින් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති බවට එම නිවේදනයෙන් අනතුරු අඟවා තිබෙනවා.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...