සජිත් සහ AKD අතර යූ ටියුබ් යුද්ධයක්.. AKD ඉදිරියෙන්

මෙවර ජනාධිපතිවරණයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයින් දෙදෙනෙකුවන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා ඊයේ (16) රාත්‍රියේ එකම වේලාවේ රූපවාහිනී නාළිකා දෙකක දේශපාලන සංවාදමය වැඩසටහන් දෙකකට සගභාගී වී සිටියා.

හිරු නාලිකාවේ සජිත් ප්‍රේමදාස මහතාත් දෙරණ නාලිකාවේ අනුර දිසානායක මහතා සහභාගී වූ එම වැඩසටහන් දෙක විකාශය වූයේ පෙර පටිගත කරනු ලැබූ වැඩසටහන් ලෙසයි.

කෙසේ වෙතත් එම නාලිකාවල යූ ටියුබ් නාලිකාවන් ඔස්සේ ද එම වැඩසටහන් විකාශය කරනු ලැබූ අතර එය සජිත් සහ අනුර අතර සජීවී likes සහ Views අතර යුද්ධයක් බවට පත් වී උණුසුම් ආකාරයක් දැක ගත හැකි වුණා.

වැඩසටහන් විකාශය වු මොහොතේ වැඩිම නරඹන්නන් පිරිසක් එක්ව සිටියේ සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ සලකුණ සමඟ වන අතර වැඩසටහන අවසන් වන විට ලක්ෂ 184,255ක් එක්ව සිටියා.

ඒ අවස්ථාවේ අනුර දිසානායක මහතා සහභාගී වූ 360 වැඩසටහන නැරඹීමට එක්ව සිටියේ 153,142 ප්‍රමාණයක්.

වැඩසටහනට කැමැත්‍ත පළ කළ අය අතර ඉදිරියෙන්ම සිටියේ අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ දෙරණ 360 යි.

නමුත් මේ වන විට දෙරණ 360 වැඩසටහන යූ ටියුබ් ඔස්සේ නැරඹූ ප්‍රමාණය සලකුණ අභිබවා 922,00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වු සලකුණ මේ වන විට නැරඹූ සංඛ්‍යාව 600,000 ක් පමණි.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...