ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිට කරලා..

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකථනයකින් බෙදාගත් බව කියන අනුරාධපුර විභාග මධ්‍යස්ථානයක විදුහල්පතිවරයෙකු ඇතුළු ගුරුවරුන් 6 දෙනෙකු විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශනවලට අනුව එම පුද්ගලයන් විභාගය ආරම්භ වීමට මිනිත්තු දහයකට පෙර පළමු ප්‍රශ්න පත්‍රයේ ඡායාරූප හුවමාරු කර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව විදුහල්පතිවරයා සහ ගුරුවරුන් හය දෙනෙකු ඔවුන්ගේ ජංගම දුරකතන සමඟ අත් අඩංගුවට ගනු ලැබුවේ ප්‍රශ්ණ පත්‍රයේ ඡායාරූප බෙදා ගත් බව කියන චෝදනාව මතයි.

විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් අනුරාධපුර සහ නොච්චියාගම රජයේ පාසල්වලට අයිති නිලධාරීන් බවයි වාර්තා වන්නේ.

ප්‍රශ්න පත්‍රය අනුරාධපුරය, නොචිචියාගම, කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට යවා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

2024 වසර සඳහා වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඉරිදා (15) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849ක දී පැවැත්වුණා.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...