වැඩි ඡන්ද ලක්ෂ 20කින් මං දිනනවා..එක ඡන්දයක් රනිල්ට දීලා නාස්ති කරගන්න එපා..

සියලු සත්‍යවාදී යථාර්ථවාදී සමීක්ෂණවාර්තා එළිදරව් කරන පරිදි මෙවර ජනාධිපතිවරණය වැඩි ඡන්ද ලක්ෂ 20 කින්  ජයග්‍රහණය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ වෙත එක් ඡන්දයක් හෝ ලබා දී නාස්ති නොකරන ලෙස රටේ සියලුම ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (18) කොළඹ මරදාන ප්‍රදේශයේ පැවති 2024 ජනාධිපතිවරණයේ ඔහුගේ අවසන් ප්‍රචාරක රැලිය අමතමිනි.

“එහෙනම් අපේ ජයග්‍රහණය ස්ථිරයි.මේ ජයග්‍රහණය තුළ අපට පැවරෙනවා දැවැන්ත භාරදූර කර්තව්‍යයක්.අපි පළමුව කරන්න ඕන දේ තමයි අපට ප්‍රතිවිරුද්ධ මත දරණ සියලු දෙනාටම ගරු කිරීම. හිංසනයකින් පීඩාවකින් තොරව ප්‍රතිවිරුද්ධ මත දරන ඒ සියලු දෙනා අපි ආරක්ෂා කරගෙන එකමුතුභාවය,එක්සත්භාවය,සහෝදරත්වය,මිත්‍රශීලීත්වය අපගේ දැවැන්තම ශක්තිය බවට පත් කරගෙන  අපි අපේ මාතෘ භුමිය ගොඩගන්න ඕන.

රනිල් වික්‍රමසිංහට ඡන්දය දාලා ඡන්දය නාස්ති කරගන්න කවුරු හරි හිතනවා නම් මම ඉල්ලීමක් කරනවා ඔබගේ ඡන්දය නාස්ති කරන්න එපා.මේ රටේ පොදු ජන යුගය මේ රටේ ලක්ෂ 20ක් ජනතාව නියෝජනය කරන සැබෑ ජනහිතකාමී යුගය බිහි කරන්නට  දුරකථනය සමගි ජන බල වේගය ජයග්‍රහණය කරවන්න.”

Latest News

More like this

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි – මහේෂ් සේනානායක (වීඩියෝ)

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න...

මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා විනිශ්චයන් දැඩි විවේචනයට !

පසුගියදා පැවැති මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2025 තරඟාවලියේදී ලබා...

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...
error: Content is protected !!