ලෙබනනයේ වෝකි ටෝකි පිපිරීමක්. ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය අන්තරාදායක බවට අනතුරු ඇඟවේ

රේඩියෝ සංඥා මාර්ග ඔස්සේ ‘පේජර්’ යන්ත්‍ර පුපුරවා හැරීමෙන් සිදු කළ ප්‍රහාර මාලාවකින් පසු ඊයේ (18) ලෙබනනය තුළ තවත් පිපිරීම් මාලාවක් වාර්තා වුණා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව මෙම දෙවැනි ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ‘වෝකි ටෝකි’ යන්ත්‍ර ඔස්සේය.

“වෝකි ටෝකි” යන්ත්‍ර පිපිරීමෙන් මිය ගිය පුද්ගලයන් මේ වන විට 20 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර 450කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා..

මීට දිනකට පෙර ලෙබනනය පුරා පේජර් පුපුරා යෑමෙන් 12 දෙනෙක් මියගොස් තිබූ අතර එහි උණුසුම මැකී යෑමටත් පෙර මෙලෙස වෝකි ටෝකි” යන්ත්‍ර පුපුරා ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ලෙබනනයේ සන්නිවේදන අමාත්‍යාංශය පැවසුවේ බදාදා පුපුරා ගිය වෝකි ටෝකි උපාංග ජපාන සමාගමක් වන ICOM විසින් නිෂ්පාදනය කරන ලද නවතා දැමූ ආකෘතියක් බවයි.

මේ සමඟ සියලු සන්නිවේදනය උපාංග ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිත කිරීමේ අවධානමක් මේ වන විට ලෙබනනය තුළ උද්ගතව පවතී.

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...
error: Content is protected !!