මිදිගම මාළු වෙළැඳසලක් තුළ වෙඩි තැබීමක්

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී අද (19) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

මිදිගම ප්‍රදේශයේ මාලු වෙළඳසැලක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් මියගොස් ඇත්තේ, 38 හැවිරිදි කැලුම් චතුරංග නැමති මාළු වෙළෙන්ඳෙක්.

මාළු ලබාගැනීමට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි වැදි තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර මහ⁣රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවට සඳහන්.

මෙම ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ක්‍රියාවක් බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, 2022.08.04 වන දින අහංගම පොලිස් වසමේ ගොවියාපාන සයුරුමා හෝටලයේදී වෙඩි තබා ඝාතනය කරන ලද විජේසේකර ගමාච්ච්ගේ අමිල සඳරුවන් යන අයගේ සහෝදරයා බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර තංගල්ල නලගම ප්‍රදේශයේදී ඊයේ(18) සවස වෙඩි වැදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසුවා.

තංගල්ල දෙමටවලවත්ත ප්‍රදේශයේ ලඳු කැළෑ ප්‍රදේශයක වෙඩි වැදී සිටි අදාළ පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...