ජාතික ගීයට අගෞරව කළ තලෙයිබාන් නියෝජිතයන් නිසා පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක්

පකිස්තානයේ පෙෂාවර් හි පැවති රාජ්‍ය තාන්ත්‍රික සමුළුවක් අතරතුර එරට ජාතික ගීය විකාශය වීමේ දී අසුන්වලි නැගිට ආචාර නොකළ ජ්‍යෙෂ්ඨ තලෙයිබාන් නිලධාරීන් දෙදෙනෙකුගේ ක්‍රියා කලාපය හේතුවෙන් පකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් නිර්මාණය වී තිබෙනවා.

රෙහ්මාත්-උල්-අලමීන් සමුළුව පසුගිය සැප්තැම්බර් (17) වැනි දා පෙෂාවර් හිදී පැවැත්වුණු අතර, ඇෆ්ගන් කොන්සියුලර් නිලධාරීන් කිහිප දෙනෙකුද ඒ අවස්ථාවට සහභාගී වී සිටියා. 

එහෙත් පාකිස්තාන ජාතික ගීය වාදනය වන විට ඇෆ්ගනිස්ථාන නිලධාරි හෆීස් මොහිබුල්ලා ෂකීර් සහ ඔහුගේ සගයා තම අසුන්වලින් නැගිට නොසිටීම නිසා විශාල ආන්දෝලනයක් ඇති වුණා.

පකිස්තාන විදේශ කාර්යාලය (FO) තම ජාතික ගීය කෙරෙහි දක්වන ලද “අපහාසාත්මක අගෞරවය” හෙළා දැකීමට කටයුතු කර තිබෙනවා.

__tpx__

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...