කුණාටුවකට හසු වූ ගුවන් යානයක් තුල බිහිසුණු දර්ශන නිකුත් වේ

කොලොම්බියාවේ මෙඩලින් සිට බැරන්කිජා දක්වා පියාසර කරමින් තිබූ Avianca Airlines 8586 ගුවන් යානය ප්‍රබල නිවර්තන කුණාටුවකට ගොදුරු වීමෙන් පසු යානය තුළ දර්ශන සමාජ මාධ්‍යයන්හි සංසරණය වෙමින් පවතී.

එම දර්ශනවල, රටේ උතුරු ප්‍රදේශයට පැයට සැතපුම් 45 ක වේගයෙන් හමා ආ නිවර්තන සුළි කුණාටුවක් හේතුවෙන් ගුවන් යානය ප්‍රචණ්ඩ ලෙස සෙලවීමත් සමඟ මගීන් බියට පත්ව ජීවිත ගැන බියෙන් සිටිනු දක්නට ලැබෙනවා.

යානය පාලනය කළ නොහැකි ලෙස සෙලවෙන ආකාරයත් ඒ නිසා මඟීන් බියට පත් වී කෑ ගසමින් යාඥා කරන ආකාරයත් බිහිසුණු දර්ශන්වල සටහන් වී තිබෙනවා.

“ නිර්මල මරියාට ජය වේවා, දෙවියන් වහන්සේ අප ගලවා ගනිත්වා…! මගේ දෙවියනේ, කරුණාකර අපට උදව් කරන්න” යැයි මිනිසුන් කෑ ගසන ආකරය එම දර්ශනවල සටහන් වුණා.

“ඇත්ත වශයෙන්ම, අපි ආතතියට, මංමුලා සහගත තත්ත්වයට පත් වුණා.හැමෝම හඬමින් කෑ ගැසුවා,අනිත් අය යාච්ඤා කළා, අපි ජීවත් වෙන්නේ නැහැ කියලා අපි ඇත්තටම දැක්ක නිසා” 

ඒ මොහොතේ ගුවන් යානය තුළ මෙම අත්දැකීම අත්දුටු පුද්ගලයකු එසේ පවසා තිබුණා.

මේ තත්ත්වය හේතුවෙන් ගුවන් යානය නියමිත පරිදි ගොඩ බැස්සවීමට නියමුවා අසමත් වූ අතර වෙරළබඩ නගරයක් වෙත ගුවන් යානය ගොඩ බැස්වූ බව සඳහන්.

යානය නිරුපද්‍රිතවගොඩ බැස්සවීමෙන් පසු මගීන් ගුවන් නියමුවාට සහ කාර්ය මණ්ඩලයට අත්පොළසන් දෙමින් ස්තූති කළ බව වාර්තා වෙනවා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...