දුලිප් සමරවීරට වසර 20 කට ක්‍රිකට් තහනම්

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට වසර විස්සක තහනමක් පැනවීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා (Cricket Australia) ආයතනය කටයුතු කර තිබෙනවා.

ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ චර්යා ධර්ම සංග්‍රහය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ඔහුට මෙම තහනම ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ, ප්‍රාන්ත හෝ වෙනත් ක්‍රිකට් සංගමයක හෝ බිග් බෑෂ් කණ්ඩායම් වල කිසිදු තනතුරක් දැරීමට තහනම් ය.

වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවෙක් ලෙස සේවය කරන විට ඔහු “නුසුදුසු හැසිරීමක්”  සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර පසුව එම චෝදනා සඳහා ඔහු වැරදිකරු බව සනාථ වී තිබුණා.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...