පාසල් සතිය දින හතරකට සීමා කිරීමට ඔස්ට්‍රේලියාවේ කොළ එළි දැල්වේ

ඔස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසලක් ප්‍රථම වතාවට “දින හතරක පාසල් සතිය” නිල වශයෙන් සම්මත කිරීමට කටයුතු කර තිබෙනවා. 

“flipped learning” හෙවත් පන්ති කාමරය තුළ ක්‍රියාශීලී ඉගෙනුමකට මඟ පෙන්වන ක්‍රමවේදය සාර්ථක ලෙස අත්හදා බැලීමෙන් පසු  බරාඩූ හි Chevalier විද්‍යාලය, ජ්‍යෙෂ්ඨ සිසුන්ට සතියකට දිනක් නිවසේ සිට ඉගෙනීමට ඉඩ ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

නම්‍යශීලී ඉගෙනුම් ව්‍යුහය ජ්‍යෙෂ්ඨ සිසුන්ට සතියකට එක් දිනක් දුරස්ථව ඉගෙන ගැනීමට ඉඩ සලසන අතර, සියලුම සිසුන් සඳුදා ස්වයං-නියාමනය කරන ලද අධ්‍යාපනයට සහභාගී වනු කරවීමට එම ක්‍රමය ඔස්සේ සැලසුම් කර තිබෙනවා.

Chevalier විද්‍යාලය පැවසුවේ සාම්ප්‍රදායික නොවන මෙම ක්‍රමවේදය ඔස්සේ “පරිණාමය වෙමින් පවතින ලෝකයක සාර්ථකත්වය සඳහා අවශ්‍ය කුසලතා සහ මානසිකත්වයෙන් සිසුන් සන්නද්ධ කරනු ඇති” බවයි.

පාසලේ වාර්තාවක සඳහන් වූයේ දින හතරක සතිය තම දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳව ඇතැම් දෙමාපියන් “සතුටු” වන බවයි.

මොවුන් බොහෝ විට 10, 11 සහ 12 වසරවල සිසුන්ගේ දෙමාපියන් බවයි එම වාර්තාවල දැක්වුණේ.

Chevalier විද්‍යාලය යනු සිසුන් සඳහා නම්‍යශීලී අධ්‍යයනය අත්හදා බලන ඕස්ට්‍රේලියානු පාසල් කිහිපයෙන් එකකි.

Latest News

More like this

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළට බිලි වූ සරසවි සිසුවිය

ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද...

ඩඩ්ලිගේ හෝටලය අයින් කරනවද කියලා බලාගෙන ඉමු.. චරිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දරණ වකවානුවේ...

රුසියාවේ WhatsApp තහනමක්.. ඒ වෙනුවට Max ආදේශ කරයි..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විදේශීය පණිවිඩ යෙදුම් සහ මෘදුකාංග...

නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි.. කතෝලික සභාව දැඩි මතයක

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කඩිනම්...
error: Content is protected !!