ජාත්‍යන්තර බඳවා ගැනීම් අඩු කීරිම නිසා ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවල මහා පරිණාමයේ රැකියා කප්පාදුවක්


විදේශීය බඳවා ගැනීම් සීමා කිරීමේ රජයේ යෝජනාව මඟින් ක්ෂේත්‍රය පුරා රැකියා කප්පාදු දහස් ගණනක් ඇති විය හැකි බව ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අනතුරු අඟවා තිබෙනවා.

2025 සිට වසර දෙකක් සඳහා ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම් සංඛ්‍යාව සීමා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය පසුගිය දා නීති සම්පාදනය කිරීමට පියවර ගෙන තිබුණා.

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල ප්‍රධාන විධායක Luke Sheehy සෙනෙට් විමසුමකට පැවසුවේ මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් කර්මාන්තය පුරා රැකියා 14,000ක් කප්පාදු කිරීමකට හේතු විය හැකි බවයි.

“අපට ජාත්‍යන්තර සිසුන් 60,000 ක් පමණ අඩුවෙන් පැමිණීමේ බලපෑම සැලකිය යුතු ය” Sheehy එහිදී සඳහන් කර තිබුණා.

“එය ආර්ථිකයට ඩොලර් බිලියන 4.3 ක පාඩුවක් නියෝජනය කරනු ඇති අතර විශ්වවිද්‍යාල අංශයට පමණක් රැකියා 14,000 කට වැඩි ප්‍රමාණයක් නැති විය හැකියි” ඔහු පෙන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර අධ්‍යාපනය 2023 දී ඩොලර් බිලියන 48 ක් වටිනා ඕස්ට්‍රේලියාවේ විශාලතම අපනයන කර්මාන්තවලින් එකකි. 

කෙසේ වෙතත් එරට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්නුම් කළේ 2024 පළමු මාස ​​හතර සඳහා විදේශ සිසුන් සඳහා අධ්‍යයන වීසා ප්‍රදාන තුනෙන් එකකින් පමණ අඩු වී ඇති බවයි.

පසුගිය වසරේ රජය සිය නව සංක්‍රමණ උපාය මාර්ගය එළිදක්වන ලද අතර, දැඩි වීසා සීමා කිරීම්, ශක්තිමත් ඉංග්‍රීසි සාක්ෂරතා පරීක්ෂණ සහ ජාත්‍යන්තර සිසුන් ඕස්ට්‍රේලියාවට ගෙන එන ආයතනවලට එරෙහිව මර්දනයක් හඳුන්වා දීමට එමඟින් පියවර ගැනුණා.

Latest News

More like this

ළමා මනාලියන්ගේ කැළඹිලි සහගත ලෝකය පිළිබඳ කම්පන සහගත ඡායාරූප පෙළක්

ලොව පුරා මිලියන සිය ගණනක් ගැහැණු දරුවන්ට අපයෝජන සහ...

ඉරාන හා පලස්තීන වැසියන් වෙනුවෙන් විමල් ගයයි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත් පලස්තීන හා ඉරාන වැසියන්...

ගෙයින් ගෙට ගොස් බඩු විකුණූ ‘විවේක්’ වසරකට බිලියනයක් හොයන රහස

බොලිවුඩ් සිනමාවේ දශක දෙකක් වැනි කාලයක් ගත කරලා අද...

කැලණිය ප්‍රාදේශීය සභාවේ යමක් සිදු වෙමින් පවතී..

මම මෑත දිනයක කැලණිය ප්‍රාදේශීය සභාවට ගියේ නිවසට අදාළ...
error: Content is protected !!