ජනාධිපතිවරයා සාමකාමීව නව ජනාධිපතිවරයාට බලය පවරා ගෙදර යාවි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාමකාමීව නව ජනාධිපතිවරයාට බලය පැවරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (21) ප්‍රකාශ කළා.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වන මැතිවරණය බවයි.

 “අපි මෙතෙක් මැතිවරණ පැවැත්වූයේ ආණ්ඩු පෙරළීමට, ආණ්ඩු පිහිටුවීමට සහ නායකයින් තෝරා ගැනීමටයි. නමුත්, මෙම මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති” ඔහු පැවසුවා.

දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජයග්‍රහණයෙන් පසු කිසිදු ආකාරයකින් සාමය කඩකිරීමක් හෝ ගැටුම් ඇතිකර නොගෙන සාමය ආරක්ෂා කරන ලෙසයි.

 “තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට සෑම කෙනෙකුටම අයිතියක් තිබෙනවා.ඒ අයිතිය අපි රැකගත යුතුයි.රටට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි” ඔහු කියා සිටියා.

 “ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදීව බලය මාරු කරයි. ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ක්‍රියා කරයි කියලා මම හිතන්නේ නැහැ. අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයාට බලය පවරා විශ්‍රාම යාවි කියා බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් මාධ්‍ය කළ විමසීමක දී ඒ මහතා සඳහන් කළා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...