ඉතිහාසයේ සාමකාමීම මැතිවරණයයි..

මීට පැය කිහිපයකට පෙර අවසන් වූ ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති සාමකාමීම මැතිවරණය ලෙස ඉතිහාසයට එක්වන බව මැතිවරණ කොමිසම පවසනවා.

මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ඡන්දය ප්‍රකාශ කරන කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවයි.

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) පස්වරු 4.00 ට අවසන් කෙරුණා.

දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද දායකයින් 17,140,354කට ආසන්න සංඛ්‍යාවකට සිය ඡන්දය ලබා දීමේ අයිතිය ලබා දෙමින් පෙරවරු 7.00ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වුණා.

පළමු ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...
error: Content is protected !!