ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉඩක් නැහැ..

ජනාධිපතිවරණයෙන් සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහත පවසනවා.

මැතිවරණ ආරක්ෂක කටයුතු සඳහා පොලිසියේ සහායට ත්‍රිවිධ හමුදා භාට පිරිස් ලබා දීමට අදාළ අංශ කටයුතු කරමින් සිටින බව දැනුම් දී තිබෙනවා.

මැතිවරණයෙන් පසු කිසියම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇති වුවහොත් ඒවා පාලනය කීරිමට රජය ත්‍රිවිධ හමුදාවලට දැනටමත් උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් කරන්නේ.

එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන පුද්ගලයින්ට වෙඩි තබා හෝ අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබා දී තිබෙනවා.මේ අතර මැතිවරණ කොමිස්ෂන් සභාව දැනුම් දී ඇත්තේ මැතිවරණයෙන් සති දෙකක් යනතුරු රැස්වීම් හා පෙළපාලි තහනම් බවයි.

එම නීති කඩ කරමින් රැස්වීම් හා පෙලපාළි පවත්වන අය අත්අඩංගුවට ගන්නා ලෙස මැතිවරණ කොමිසම පොලිසියට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මැතිවරණයෙන් පසු සාමකාමීව කටයුතු කරන ලෙසට සිය පාක්ෂිකයන් වෙත දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබුණා.

Latest News

More like this

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...
error: Content is protected !!