රටේ ආරක්ෂාව පිළිබඳ විශේෂ නිවේදනයක්..

පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

මෙම කාලය තුළ කණ්ඩායම් වශයෙන් රැස් නොවන ලෙසත්, ඒ සඳහා අවසර ලබා නොදෙන බවත් ඔහු සඳහන් කළා.

අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු පැවසුවේ පොලිස් නිලධාරීන් සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් අවශ්‍ය පරිදි රාජකාරියේ යෙදී සිටින අතර පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මක වන බැවින් ප්‍රතිඵල නිකුත්කර අවසන්වන තුරුම රට තුළ ආරක්ෂක වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවයි.

මේ පිළිබඳව දින කිහිපයක සිට මහජනතාවට මෙලෙස දැනුම් දී තිබෙන බවත්, පොදු ස්ථානවල කණ්ඩායම් වශයෙන් රැස්ව ප්‍රතිඵල නැරඹීම සිදු නොකරන්න ලෙසත්, ඒ සඳහා ද කිසිඳු අවස්ථාවක් ලබා නොදෙන බවත්, පොලිසිය පැමිණ ඔවුන් විසුරවා හැරීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියා.

පස්චාත් මැතිවරණ කාල සිමාව තුළ කිසිඳු පුද්ගලයෙකුට වාහන මඟින් හෝ පා ගමනින් පෙළපාලි යාම සම්පුර්ණයෙන්ම සතියක් ඇතුළත තහනම් වන අතර පවත්නා නීති රීතිවලට අනුගතව ජය පරාජය තුළ වගකිව යුතු පුරවැසියෙකු වශයෙන් කටයුතු කරන ලෙසද  ඒ මහතා මහජනතාවට අවධාරනය කළා.

එමෙන්ම සාමය කඩවීමේ ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් ඒ පිළිබඳව පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසට ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියා.

119
118
107 (උතුරු, නැගෙනහිර සඳහා)

011 202 7149
011 201 3243
111 239 9104 – (Fax අංකය)

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!