රටින් පැන යන අයට මාළිමාවෙන් පණිවිඩයක්

සියයට පනහට වැඩි ජනතා විශ්වාසයක් ලබාගෙන ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බව නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (21) ඔහුගේ ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විටත් ප්‍රබල දේශපාලනඥයන් ඇතුළු ක්‍රියාකාරීන්  කිහිප දෙනෙකු රටෙන් පිටවීම පිළිබඳ අදහස් පළ කරමින් ඔහු පැවසුවේ ඔවුන් රටින් පිටවීම සහ ජයග්‍රහණය අතර සෘජු සම්බන්ධතාවයක් පවතින බවයි.

“අනෙකුත් දේශපාලන ධාරවන් දිහා බැලුවම අපට පේනවා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයක් නොමැති  බව.ඒ නිසා අපට ජයග්‍රහණය පිළිබඳ කිසිම සැකයක් නැහැ.කට්ටිය රටින් යන එකයි ජයග්‍රහණයයි අතර සම්බන්ධයක් තියෙනවා.අපි දිනන බව දැනගෙන ඒගොල්ලො රටින් යනවා.

අපි කියන්නේ එහෙම යන්න එපා.අවශ්‍යතාවයක් නැහැ.ජයග්‍රහණය කරන කෙනාට වගේම පරාජය වෙන කෙනාටත් මේ රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් හදන එක තමයිඅපේ වැඩේ.ඒ නිසා එහෙම කලබල වෙන්න ඕන නෑ.තමාගේ හෘද සාක්ෂියට අනුව මහජන දේපළ පිළිබඳ ගැටලුවක් තියෙන කෙනා මං හිතන්නේ රටෙන් යන්න හදනවා.ඒකට කරන්න දෙයක් නෑ.අපේ පක්ෂයේ නායකයා නීතියට තමයි වැඩ.අපේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා.ඒ නීතිවලට සාපේක්ෂව තමයි අපි අපේ වැඩේ කරන්නේ.ඒ නිසා ආණ්ඩු බලය ගත්තා කියලා අපි බලහත්කාරකම් පාන්නේ නැහැ.රටේ අධිකරණ පද්ධතියක් තියෙනවා එයට සහ නීතියට අනුව තමයි වැඩේ කරන්නේ.”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!