දෙවැනි මනාපය ගණන් කිරීම ඇරඹේ

මෙවර ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කරන ලෙස මැතිවරණ කොමිසම තේරීම් භාර නිලධාරීන් වෙත දන්වා තිබෙනවා.

ඒ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව කිසිදු  අපේක්ෂකයකු 50% සීමාව ඉක්මවා නොමැති බැවිනි 

අනෙකුත් සියලු අපේක්ෂකයින් ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් වෙන බවයි මේ පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කොමිසමේ සභාපති ආර්.එල්.ඒ.එම් රත්නායක මහතා පැවසුවේ.

මෙම තත්ත්වය මත අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇති දෙවැනි හා තෙවැනි මනාප ගණන් කිරීමට නියමිතය.

ඒ අනුව ඉවත්වන අපේක්ෂකයින්ගේ  දෙවැනි තෙවැනි මනාප තරගයේ සිටින අපේක්ෂකයින්ගේ වාසියට ලබා දී ඇති මනාප එකතු කරනු ලැබේ.

ඉන්පසු වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරනු ලබන බවයි සභාපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේ.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...