අනුරගෙන් හිස් වූ මන්ත්‍රී අසුන ලක්ෂමන් නිපුණ ආරච්චිට

අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරයට පත් වීමත් සමඟ හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුව සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත් කරන බව ජාතික ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා නිවේදනය කර තිබෙනවා.

ඊයේ (22) පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මේ බව සඳහන් කළා.

ඔහු පැවසුවේ නව මන්ත්‍රීවරයා පත් කිරීම ඔවුන්ගේ කටයුත්තක් නොවන බැවින් එය මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම විසින් සිදුකළ යුතු බවය.

අනුර කුමාර දිසානායක මහතාගෙන් පසු මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා බැවින් මැතිවරණ කොමිසම නව මන්ත්‍රීවරයා ලෙස ඔහු පත් කරනු ඇති බවත් ඔහු සඳහන් කළා.

Latest News

error: Content is protected !!