චීනයත් නව ජනපතිට සුබ පතයි

නව තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය අවංක සුබ පැතුම් එක් කර තිබෙනවා.

“චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනය ඉතා වැදගත් වන අතර අපගේ සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා සමඟ කටයුතු කිරීමට මම කැමැත්තෙමි” චීන ජනාධිපතිවරයා පවසනවා.

ශ්‍රී ලංකාව සමඟ සබඳතා ගැඹුරු කිරීමට බලාපොරොත්තු වන බව චීන ජනාධිපති ෂී ජින්පින් සඳුදා ප්‍රකාශ කළ බව එරට රාජ්‍ය මාධ්‍ය ද වාර්තා කර තිබුණා. 

Latest News

error: Content is protected !!