පාර්ලිමේන්තුව විසුරුවයි..

අද (24) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් තබා තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරුණි.

ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය.

මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදාය.

නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව තිබේ.

Latest News

error: Content is protected !!