බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය චරිතාංග නිළියක් වන උර්මිලා මතෝද්කාර් (Urmila Matondkar) සහ ඇගේ සැමියා මෝසින් අක්තාර් (Mohsin Akhtar) දික්කසාද වීම සඳහා නඩු ගොනු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
වසර අටක් එක්ව යුග ජීවිතය ගත කළ ඔවුන් දෙදෙනාම මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කිසිවක් පවසා නැහැ.
ඔවුන් සමාජ මාධ්‍යවල නිතර ඔවුන්ගේ ඡායාරූප පළ කරනු ලැබූ අතර විශේෂ අවස්ථා සෑම විටම සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ රසිකයන් සමඟ බෙදා ගත් යුවළකි.
හේතුව පැහැදිලි නැතත් ඇය මේ වන විටත් අධිකරණයට ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.