ස්වාධීන රූපවාහිනියේ නව සභාපති ප්‍රියන්ත කුමාර වෙදමුල්ල..

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතා පත්කර තිබෙනවා.

එම පත්වීම ජන මාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින්  ලබා දීම අද (25) සිදු කෙරුණා.

ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතා අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය ලබා ගෙන සිටින අතර කොළඹ විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් අයෙකි.

ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ ව පශ්චාත් උපාධි ඩිප්ලෝමා තුනක් හිමිකර ගත් ඔහු මේ වන විට පේරාදණීය විශ්ව විද්‍යාලයේ කළමණාකරණය පිළිබඳව ආචාර්ය උපාධි අපේක්ෂකයෙක් ද වෙනවා.

2002 වසරේදී එකල ප්‍රකට වු දෙසතිය සඟරාවේ සහ ලංකා පුවත්පතේ විශේශාංග කතෘ ලෙස සම්බන්ධ වන ප්‍රියන්ත කුමාර මහතා එහිම විශේෂාංග ලේඛකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

පසුව 2004 වසරේ දී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස සම්බන්ධ වන ප්‍රියන්ත කුමාර මහතා 2007 වසරේ දී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීම් ලබනවා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රචලිත වැඩසටහන් වන අකුණ , විසංවාදය, ඇත්ත නැත්ත, ජූරිය ඔබයි වැනි කාලීන වැඩසටහන් රැසක නිෂ්පාදනය කරනු ලබන්නේද ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතායි .

Latest News

More like this

නිවාස පිරිසිදු කර ගැනීමේ රු 25,000 ක මුදල ගන්න ආණ්ඩුවේ නිලධාරීන් හතරක් සහතික කරන තෙක් ඉන්න වෙලා

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුණු ආපදා තත්ත්වය හමුවේ විපතට...

ජපානයට 8.0ක මෙගා භූමිකම්පාවක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්..

ජපානයේ කාලගුණ අංශ විසින් රටට ඉක්මණින් බලපෑ හැකි 'මෙගා'...

තවත් කුණාටුවක්.. කාලගුණ දෙපාර්තමේන්තුව හා BBC කියයි

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වූ කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු...

බුදුන්ගේ රස්තියාදුව කෘතියෙන් අපහාසයට එහා අපරාධයක් කරලා..

බුදු දහමට සහ ගෞතම බුදුන් වහන්සේට අපහාසවන බවට ආන්දෝලනයට...