මහ මැතිවරණය සඳහා කොමිසම බිලියන 11 ක් ඉල්ලයි

මහ මැතිවරණය පැවැත්වීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 11 ක් ඉල්ලා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා සඳහන් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇති අතර මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතය.

ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා කියා සිටියේ මැතිවරණ වියදම් පියවා ගැනීම සඳහා තම කාර්යාලය රුපියල් බිලියන 11ක් ඉල්ලා ඇති බවයි.

පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණය සඳහා රජය රුපියල් බිලියන 10ක් වෙන් කර තිබුණා.

Latest News

error: Content is protected !!