මන්ත්‍රීවරු 85කට විශ්‍රාම වැටුප අහිමි වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව කල්තියා විසුරුවා හැරීමත් සමග නවක මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 85 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමි වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප හිමි වීමට නම් පාර්ලිමේන්තුවේ වසර පහක මුළු නිල කාලයම සම්පූර්ණ කළ යුතුය.

නව වැනි පාර්ලිමේන්තුවේ නිල කාලයේ සාමාන්‍ය පරිදි අවසන් වීමට නියමිතව තිබුණේ ලබන වසරේ අගෝස්තු මස 8 වැනිදාය.

මෙසේ විශ්‍රාම වැටුප අහිමි වූ මන්ත්‍රීවරු අසූ පස් දෙනාට විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ද ඇතුළත් වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුම හිමිවන්නේ 1977 අංක 1 දරණ මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනතේ විධිවිධාන අනුවයි.

වසර පහ සම්පූර්ණ කරන මන්ත්‍රීවරයෙකුට මන්ත්‍රී වැටුපෙන් තුනෙන් එකක මුදලක් විශ්‍රාම වැටුපක් ලෙස හිමි වෙයි.

වසර දහයක් සම්පූර්ණ කරන මන්ත්‍රීවරයෙකුට හිමිවන්නේ මන්ත්‍රී වැටුපෙන් තුනෙන් දෙකක මුදලක විශ්‍රාම වැටුපකි.

මේ අතර මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ මන්ත්‍රී වැඩුව සහ අනෙකුත් වරප්‍රසාද සියල්ල ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී තිබෙනවා.

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...
error: Content is protected !!