පත්කළ ලේකම්වරු දූෂිතයි…අපි ආයෙත් පාරට බහිනවා..

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ලබා දුන් ගුරුවරුනගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුනහොත් ඊට එරෙහිව පාරට බැසීමට සිදුවන බව ලංකා ගුරු සංගමය පවසනවා.

නව ආණ්ඩුවේ ලේකම්වරු ලෙස පත් කර ඇති බොහෝ දෙනකු තම සංගමය කිසිසේත්ම අනුමත නොකරන බව එහි ප්‍රධාන ලේකම් පෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේදී අදක්ෂයන්ට තැනදී ඇති බවයි.

“අලුත් ආණ්ඩුව මේ වෙනකොට අමාත්‍යාංශ පාලනය කරන්න ලේකම්වරු පත් කරලා තියෙනවා. මේ ලේකම්වරු පත් කිරීම ගැන ඇත්තටම අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. රාජ්‍ය පරිපාලනයේ ප්‍රධාන ලේකම්වරයාට විරුද්ධව චෝදනා තියනවා. ඔහු බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා විදිහට ඉන්නකොට ඔහුට තිබුණු චෝදනා සම්බන්ධයෙන් විගණන වාර්තා පවා තියෙනවා. එහෙම චෝදනා තියෙන කෙනක් අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදිහට පත්වෙලා. ඔතන ඉන්න සමහර ලේකම්වරුන්ගේ අදක්ෂතාවන් අපි හොඳට දැකලා තියෙනවා. එහෙම අදක්ෂ අයම තමයි ආයෙත් පත් කරලා තියෙන්නේ. මේක අපිට බරපතළ ප්‍රශ්නයක්. ආණ්ඩුව පැත්තෙන් ඒ පත්කිරීම්වලට හේතු තියෙන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව මේ අය සම්බන්ධයෙන් තීරණයක් ගනියි කියලා.

ලංකා ගුරු සංගමය කවදාවත් පක්ෂයකට වෙන් වූ වෘත්තීය සමිතියක් නෙවෙයි. අපි ගුරු විදුහල්පති සන්ධානය විදිහට තමයි ලංකා ගුරුසේවා සංගමය සහ අනිත් සංගම් එක්ක එකට එකතුවෙලා මේ ගුරු අරගල කළේ. මේ වෙනකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් බරපතළ ගැටලු තියෙනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයක් විදිහටත් විශාල ප්‍රශ්න ගැටලු රාශියක් තියෙනවා. මේ ප්‍රශ්න විසඳනවට අමතරව ප්‍රධානම ගැටලුව තියෙන්නේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයේ ඉතිරි තුනෙන් දෙක ලබා දීම. බලයට පත් වුණු රජයේ වගකීම තමයි ඒ ඉල්ලීම ඉටු කිරීම. වත්මන් ආණ්ඩුව පත්වෙලා දවස් කීපයක් වෙන්න පුළුවන්. ඒත් තව මහ මැතිවරණයකුත් නොවැම්බර් මාසේ තියෙනවානේ. එතකොට එයාල කියයි ඡන්දෙ තියලා රට ස්ථාවර වුණාට පස්සේ පොරොන්දු ඉටු කරන්නම් කියලා. එහෙම කියලා කට වහගෙන ඉන්න අපිට නම් බැහැ.

අනුර කුමාර රජයටත් වගකීමක් තියෙනවා අපේ ගැටලු විසඳන්න. රට ස්ථාවර වෙනවත් එක්කම ඊට සමාන්තරව අපේ ගැටලුත් විසඳන්න ඕනේ. එහෙම නැතුව අරක වෙනකම් මේක වෙනකන් කියලා අපිට ඉන්න බැහැ. අපි බලමු එයාලා කොහොමද එයාලගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ කියලා. අපි ඒ දිහා බලාගෙන ඉන්නවා. අපේ ප්‍රශ්නවලට විසඳුම් නොදුන්නොත් අපි ආයෙත් පාරට බහිනවා”

Latest News

More like this

සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි...

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයන්න ආරක්ෂක අංශ නිවසට යයි !

හිටපු අමාත්‍යවරයකු වූ ප්‍රසන්න රණතුංග සෙවීම සඳහා අල්ලස් හෝ...

ලතා වල්පොළගේ 91 වැනි උපන්දිනය සැමරීමට සජිත් එක්වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම...

ඉස්ලාමාබාද් අගනුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇත...
error: Content is protected !!