වෑන් මාරයාට බිලිවූ තරුණ යුවළක් මෙලොවට බිහි නොවූ දරු පැටියාත් එක්ක යන්නම ගිහින්..

අකුරැස්ස සියඹලාගොඩ පිට බැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී ඊයේ (25) සවස් කාලයේ සිදු වූ මාරක රිය අනතුරෙන් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි අකුරැස්ස පොලිසිය පවසනවා.

ඔවුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය අකුරැස්ස දෙස සිට පිට බැද්දර දෙසට ගමන් කරමින් තිබුණු වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

පිට බැද්දර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගමන් ගත් එම සුඛෝපභෝගී වෑන් රථය යුවල යටකරගෙන අසල පස් කණ්ඩියක ගැටී තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ විසි හට හැවිරදි භාග්‍යා බොරලැස්ස සහ ඇයගේ සැමියා වන ඉන්දික සම්පත් නමැති මාකඳුර ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබෙනවා.

පාසල් ගුරුවරියක වන ඇය පිටබැද්දර මෙදේරිපිටිය පිටිය පාසලෙන් මාරුවී යෑමේ උත්සවය දී ලද තෑගි ද රැගෙන සිය සැමියා සමග සිය නිවස වෙත යමින් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබුණා.

සැකකාර ව්‍යාපාරික රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව සිට ඇද්දැයි සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය භාග්‍යාගේ දේහය අකුරස් රෝහලට රැගෙන වී තිබූ අතර ඉන්දිකගේ දේහය කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබුණා.

මියගිය භාග්‍යා ගැබිනියක් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...