රනිල්ගේ මාධ්‍ය අධ්‍යක්ෂ වරුණ රාජපක්ෂ සජිත් ගාවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා සමගි ජන බලවේගයට එක් වී තිබෙනවා.

වරුණ රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තුළ බිහිවුනු වරෙක ජවිපෙ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ලෙස ද කටයුතු කළ අයෙකි.

පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එක් වූ ඔහු රනිල් විරමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස මෑතකාලීනව කටයුතු කරමින් සිටියා.

පැවති යහපාලන ආණ්ඩුව සමයේ ඔහු රුවන් විජේවර්ධන හිටපු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙක් ලෙස ද කටයුතු කළා.

Latest News

error: Content is protected !!