වීසා ලබා දීම අද මධ්‍යම රාත්‍රියේ සිට යළි පැරණි ක්‍රමවේදයට..

වීසා නිකුත් කිරීම ක්‍රමවේදය පැරණි ක්‍රමවේදයට අනුව යළි  ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි එම ක්‍රමවේදය යළි ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් පවසනවා.

“වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව විශාල පීඩාවකට පත් වුණා. විශේෂයෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා ලබා ගැනීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා.

ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අධිකරණ තීන්දුව අනුව ගෙවී ගිය පැය 24ක කාලය තුළ පැරණි ක්‍රමවේදය අනුවම විසා ලබාදීම යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා.

 ඒ අනුව අද මධ්‍යම රාත්‍රි 12.00 සිට වීසා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීම දැන් විදේශිකයන්ට ඉතා පහසුවෙන් කරගත හැකියි. 

අද මධ්‍යම රාත්‍රි 12න් මෙම කටයුතු ආරම්භ කර පැය 24ක් තුළ වීසා ලබා දීම සිදු කරනවා. මෙය විශාල ජයග්‍රහණයක්.

වීසා ගැටලුව විශාල පීඩාවක් ගෙන දුන් ප්‍රශ්නයක් වුණා. දැන් අප එම ප්‍රශ්නයට විසඳුම් ලබා දී අවසන්. ඒ පිළිබඳ අප නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත්තා. අධිකරණ තීන්දුව අනුව වහාම අප ක්‍රියාත්මක වුණා.

එසේම VFS ආයතනයට මෙය ලබාදීම මඟින් සිදු වූ අක්‍රමිකතාව පිළිබඳව වහාම වෝහාරික විගණනයක් ක්‍රියාත්මක කිරීමට අප දැනටමත් කටයුතු කර තිබෙනවා. එම විගණනය හරහා මේ ගනුදෙනුවේ තිබෙන අක්‍රමිකතාව පිළිබඳව සොයා බලා ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

ඒ අනුව ව්‍යාපාරික සහ ආයෝජන ක්ෂේත්‍රයේ සිටින අයටත් දැන් එම පහසුකම ලැබෙනවා” යි මේ පිළිබඳව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!