ජනපතිගේ මුල්ම සහන ගොවියන්ට සහ ධීවරයන්ට..පොහොර, ඉන්ධන සහනාධාර වැඩි කෙරේ

2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000/-ක පමණ වූ පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000/ දක්වා වැඩි වේ.

 මෙම සහනාධාරය ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මකය.

කාර්යක්ෂම හා ඵලදායී ලෙස එම සහනාධාරය ගොවීන් වෙත ලබාදීම සඳහා අදාළ මුදල් සෘජුවම ගොවින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

නිවැරදි කෘෂි යෙදවුම් කළමනාකරණයක් අරමුණු කර ගනිමින් සාධාරණ මිලට පොහොර ඇතුළු කෘෂි යෙදවුම් ලබා දීම සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වලට අනුව රසායනික හා කාබනික පොහොර ඇතුළු කෘෂි යෙදවුම් සඳහා සහනාධාර ලබා දීම පිළිබඳ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන අතර ඒ අනුව මෙම පියවර ගෙන තිබෙනවා.

මේ අතර අඩාල වී ඇති ධීවර කර්මාන්තය නඟා සිටුවා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ද ජනාධිපතිවරයා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමට කටයුතු කෙරේ.

මෙම සහනාධාරය ද සෘජුවම ධීවරයින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කරන බව සඳහන්.

Latest News

More like this

සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි...

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයන්න ආරක්ෂක අංශ නිවසට යයි !

හිටපු අමාත්‍යවරයකු වූ ප්‍රසන්න රණතුංග සෙවීම සඳහා අල්ලස් හෝ...

ලතා වල්පොළගේ 91 වැනි උපන්දිනය සැමරීමට සජිත් එක්වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම...

ඉස්ලාමාබාද් අගනුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇත...
error: Content is protected !!